පුංචි කාලේ මමත් එක්ක හිටිය එකී...
පෙර පාසලේ මගේ මනමාලි ඒකි...
ලොකු ළමයෙක් උනාලු දැන් ඒකී...
මම එළියේ...නංගි ඇතුලේ...
(ජනේලෙන් පිටත සහ ඇතුල)
"නංගි ඔයා දැන් ගොඩක් ලොකු ද? උසද? "
"එහෙම නෑ අයියේ.."
"එහෙනං මොකද ඇතුලේ?කම්මැලි නෑ ද?"
"කම්මැලියි... දන්නේ නෑ...පිරිමි අය දකින්න හොද නෑලු ...තාත්තවත් බලන්නේ නෑ..සිරිත්ලු"
නංගියේ ඩිංගක් ජනේලය අරිනවා ද
ඔය සුදු මුණ දැක ගන්න ට ඕනේ මට
අම්මා දැක්කොත් අයියේ අපිට
සිදුවෙනවා අයියේ බැනුමක් අහගන්න
නොදක ඉන්න බෑ මට නුබගේ නාරි
මටත් ඉන්න බෑ අයියේ නුබ නොදක
එහනම් අයියේ අරිනවා මම ජනේලය
අතීතයේ දිනකදී උන දෙයකි එය
එක දවසක් නොදැක ඉන්නට බැරි උන මුහුණ
නැගණියේ ඔබ යනවා අද යන්නට දිග
එදවස සොයුරු පෙමම ද තිබුනේ අපි අතර?
මට මේ සිතුවිල්ල ආවේ නිර්මාණරතියේ ආර්ටිකලයක් දැකල. මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුළුවන් ඔයාලට නිර්මාණරති ආර්ටිකලය
හිමිකම් සැලකීමට තරම් කාරුණික වීම ගැන අගය කරමි..
ReplyDeleteතවත් සිත්ගන්නා සුළු ගෙටවිමකි..
කාමරේදී ගෙටවිමට, කාමරගතවිම කියමු. :)
ReplyDeleteඔබේ නිර්මාණය මගේ නිර්මාණයට අදහසයි
හොඳ පොයින්ට් එකකට උඹ අතගහලා , නමුත් මචෝ මේ ටික තවත් සංවේදී විදිහට
ReplyDeleteඋඹට කියන්න තිබුණා සිව්පද විරිත පැත්තකට කරානම්.
ජනකවියාගේ තිබ්බේ සිවුපද විරිත, උන්ගේ ලේ මස් ඇට නහර වලට වැදුන දේ හඩ ගාල කිවුවේ ඒකෙන්, සිවුපද විරිත සංවේදී හදවතක ආමන්ත්‍රණයක්, මෙතැනදී නං මතුවෙන්නේ මගේ කාව්‍යමය දුර්වලතාව සහ ඒකට තියෙන කෝඩු කාරකම.... මේ දේ කියපු මගේ සහෝදරයාට ස්තුතියි ගොඩක්, මේ කොමෙන්ට් මගේ ඉදිරිගමනට අත්වැලක්...ආයුබෝවන් ලොකු අයියාගේ කාමරයට
Deleteඕක ගෑනුන්ගේ හැටි බං....වැඩක් නෑ කියලා....
ReplyDeleteඔන්න මමත් ආව කාමරේ පැත්තට..
ReplyDeleteඔය කතන්දරේ නම් පොඩි එවුන්ට ඔය විදිහට දැනෙනවා ඇති.
ආයෙත් අහලා !
ReplyDeleteඑල...බ්ලොග් එකක් කියෙව්වේ කාලෙකින්...no time...:(
ReplyDeleteම්ම්...ඔව් අයියා....
Deleteබොහොම ස්තුති කොමෙන්ටුවට