කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Wednesday, December 19, 2012

එදවස සොයුරු පෙමම ද තිබුනේ අපි අතර?

පුංචි කාලේ මමත් එක්ක හිටිය එකී...
පෙර පාසලේ මගේ මනමාලි ඒකි...
ලොකු ළමයෙක් උනාලු දැන් ඒකී...
මම එළියේ...නංගි ඇතුලේ...

(ජනේලෙන් පිටත සහ ඇතුල)

"නංගි ඔයා දැන් ගොඩක් ලොකු ද? උසද? "
"එහෙම නෑ අයියේ.."
"එහෙනං මොකද ඇතුලේ?කම්මැලි නෑ ද?"
"කම්මැලියි... දන්නේ නෑ...පිරිමි අය දකින්න හොද නෑලු ...තාත්තවත් බලන්නේ නෑ..සිරිත්ලු"
"හ්ම්ම්."

නංගියේ ඩිංගක් ජනේලය අරිනවා ද 
ඔය සුදු මුණ දැක ගන්න ට ඕනේ මට 
අම්මා දැක්කොත් අයියේ අපිට 
සිදුවෙනවා අයියේ බැනුමක් අහගන්න 

ඇහුවත් බැනුමක් මට නම් නැත කාරී
නොදක ඉන්න බෑ මට නුබගේ නාරි
මටත් ඉන්න බෑ අයියේ නුබ නොදක 
එහනම් අයියේ අරිනවා මම ජනේලය

අතීතයේ දිනකදී උන දෙයකි එය
එක දවසක් නොදැක ඉන්නට බැරි උන මුහුණ
නැගණියේ ඔබ යනවා අද යන්නට දිග 
එදවස සොයුරු පෙමම ද තිබුනේ අපි අතර?

මට මේ සිතුවිල්ල ආවේ  නිර්මාණරතියේ  ආර්ටිකලයක් දැකල. මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුළුවන් ඔයාලට නිර්මාණරති ආර්ටිකලය 

Tuesday, December 18, 2012

පරක්කුව


මට වැඩිය මේ කෝච්චියේ ගමන් බිමන් යන්න වෙන්නේ නෑ...ඔය අලුතින් කෝච්චියක් දැම්මොත් එකේ නැගල ගිහින් පොඩි ආතල් එකක් ගන්න මිසක් වෙන කාරණාවකට  කෝච්චියේ යන්න නං ලොකු අයියට එන්නේම  නෑ.
ඒත් කොහොම හරි දවසක් මට  සිද්ද වුනා  කෝච්චිය අල්ලන්න යන්න, මේ සිද්දිය උනේ A/L කරන දවස්වල,
ප්‍රොෆෙසර් රෝසා බණ්ඩාරවෙලට එනවලු ,දන්නවද මන්දා එතුමා physics වලට හොදම ගුරුවරයෙක්,මහාචාර්යවරයෙක්.

Monday, December 17, 2012

වී ආර් ෆැමිලි!



එකා යකා

දෙන්න ගොනා

තුන මිනිහා  

මේක මේ නිකන්ම නිකන් පද පේලි 3ක් එහෙම නං නෙවේ ඔන්න, මන් මේ කාමරේට එන්න කලියෙන් ඉදල තියෙනවා අපේ ගමේ කාමරේ, ගම කිවුවොත් ඒක නං වචනේ පරිසමාප්තියෙන්ම ගම, දැනටත් එහෙමමයි.
ගම ගැන මම පස්සේ කියන්නම්. ලොකු අයියා අවුරුදු 8ක්ම උන්න තැන ඒක. මම පුංචි කාලේ, ලොකු අයියා වෙන්නත් කලියෙන් මයේ හිතේ අපේ අම්මට අත්තම්ම (තාත්තාගේ අම්මා) අර කියපු පද ටික කියල තියෙනවා.
                                                                                                                                                                      මේ පද පේලි තුනෙන් කියන්නේ දරුවන් හැදීම ගැන, අම්මට කිවුව නිසා දරුවන් වැදීම කියලත් කියන්න පුළුවන්.එක ළමයෙක් ඉන්න ගෙවල්

Sunday, December 16, 2012

මලයා…


ලොකු අයියාගේ අම්මා ලියයි 

මගේ පලවෙනි පෝස්ට් එක මල්ලි ගැනයි දාන්න හිතුව කොමත් මම ලොකු අයියා උනේ ඌ නිසා නොවැ.

මේක මල්ලිට ලෙඩ හැදෙන්න කලියෙන් කාලෙක අපේ අම්ම ට තිබ්බ හිතු…මගේ නිර්මාණයක් නොවේ ඔඔන්…අම්මගේ එකක්!!
මල්ලි නැති වෙලා අවුරුද්දේ දානේ දෙන්න වැඩ සුදානම් කරන කාලේ මේ…මලයා පොඩි කාලේ ඉපදෙනකොටත් කන්න බැරිව හිටිය…
මලයා කථිකත්වයෙන් ඉස්කෝලෙම හෙල්ලුව කොල්ලෙක්….

චූටි පුතේ…

කටකාරයි, දගකාරයි
විහිලු තහළු වලින් පිරුණ
පුංචි ඔබේ මුහුණ දකින…
මගේ හිතේ පිරෙන සතුට…
කන්න බොන්න බැරිව හිටියේ..
මේ මගේ පොඩි පැටිය නේද!!
අද බලමුකෝ කටේසද්දේ …
හැමෝම පරදවන යුද්දේ…
නුබේ චූටි කටයි වතයි…
බලන් ඉන්න මට ආසයි
මුළු ලෝකෙම ජය ගන්නට හැකිය එබව දන්නෙමි මම