කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Monday, December 17, 2012

වී ආර් ෆැමිලි!



එකා යකා

දෙන්න ගොනා

තුන මිනිහා  

මේක මේ නිකන්ම නිකන් පද පේලි 3ක් එහෙම නං නෙවේ ඔන්න, මන් මේ කාමරේට එන්න කලියෙන් ඉදල තියෙනවා අපේ ගමේ කාමරේ, ගම කිවුවොත් ඒක නං වචනේ පරිසමාප්තියෙන්ම ගම, දැනටත් එහෙමමයි.
ගම ගැන මම පස්සේ කියන්නම්. ලොකු අයියා අවුරුදු 8ක්ම උන්න තැන ඒක. මම පුංචි කාලේ, ලොකු අයියා වෙන්නත් කලියෙන් මයේ හිතේ අපේ අම්මට අත්තම්ම (තාත්තාගේ අම්මා) අර කියපු පද ටික කියල තියෙනවා.
                                                                                                                                                                      මේ පද පේලි තුනෙන් කියන්නේ දරුවන් හැදීම ගැන, අම්මට කිවුව නිසා දරුවන් වැදීම කියලත් කියන්න පුළුවන්.එක ළමයෙක් ඉන්න ගෙවල්

ඔය කවුරුත් දැකල ඇති දන්නවත් ඇති, මුන් යක්කු වගේනේ බොලවූ, අරක අරන් දෙන්න මේක අරන් දෙන්න කියපු ගමන් දෙමාපියොත් අනේ තනි එකානේ, මොකටත් ඉන්නේ මේකනේ කියල හැම එකම අරන් දෙනවා. කෝම හරි ඔය එක දරු උප්පත්තිය තමා යකා කියල මයේ අත්තම්මා කියල තියෙන්නේ,
දෙන්න ගොනා, කවුරුත් දන්නවා ගොන් කරත්තෙක බදින්න ගොන්නු දෙන්නෙක් ගන්නවා...අර තන්ඩලේත් ගොන්නු දෙපොලේ දැක්කුවේ...ඒ වගේ තමා,  ලොකු අයියටත් හිටියේ මල්ලිකාරයා විතරනේ, ඒ කියන්නේ  ගොනා තමා!

අත්තම්මා කියපු හැටියට නං 3 දෙනා තමා පවුලකට හරියන්නේ, තුන මිනිහ කියල උන්දා කිවුවේ ඒකයි.අඩු ගානේ දරු පැටවූ තුනක් වත් ගෙදරකට ඕනේ හරිය.
අම්මයි තාත්තයි ළමයි දෙන්නයි පුංචි පවුල රත්තරන් !! ඔහොම කාරණාවක් තියෙනවනේ,ඔවුව මොකෙක්ගේ හරි විකාර කථා , අපේ අම්මගේ පවුලේ 10ක් ඉදල තියෙනවා, ඒකුන් මැරුණද ? නෑනේ..අද අපිට වඩා ඒ කස්ටිය අතරේ සහෝදර කැක්කුම කියන එක අම්බානක තියෙනවත් එක්ක..පුංචි පවුල රත්තරන් වගේ කතා හොදයි ඔය කොන්ඩම් හදන මුදලාලිලාට ඒකුන්ගේ ව්‍යාපාර නග්ග ගන්න. ලංකාවේ සිංහලු නෑ නෑ කියවුවට මේ ගැන හිතුවේ නැද්ද....අපි බෝ කරමුකෝ බන් සිංහලුන්....දරුවෝ 3ක් වත් එක පවුලකින් එලි බැස්සොත් වැඩි වෙන්නේ නෑ මේ පොළොවට, ඔන්න ඕක මම යෝජනාවක් හැටියට දානවා...කාමරේ කරක් ගහන ගමන් කල්පනා කරන්නකෝ ඔඕන් !

මොනා උනත් අම්මපා ලොකු අයියා නං ළමයි හදන කෙරුවාව ගැන හිතලා එහෙම ඉවරයි ඔන්න.




2 comments:

  1. මම කියන්නෙත් ඕකමයි.සිoහල ජාතිය නැති වෙනවා කියලා වෙන ජාතීන්ට කෑ ගහලා වැඩක් නෑ.ඔය කෑ ගහන අයත් ළමයි තුන හතරක් වත් අඩුම හැදුවනම් යස අගේට කාලයක් සිoහල ජාතිය පවතීවි..

    ReplyDelete
    Replies
    1. සිංහල ජය ගීත හඩ ට මුස්ලිම් කොඩිවැල් ලෙලදෙන හින්දු දෙරණේ, ජයට ලංකා කොඩියේ

      Delete

අදහස් උදහස්