කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Wednesday, July 20, 2016

හිරු ගේ ධාතු පෙන්වීම නොහොත් බදුල්ලේ ශාක්‍ය සිංහ මංගල්‍යය| Hiru Shakyashinha Mangalyaya

මුතියංගන රජ මහා වෙහෙර වහන්සේ 
එය ශාක්‍ය සිංහ මංගල්‍යය විය

දිගයි. පුළුවන්නම් කියවන්න.මුල මේ මගේ කථාව සේ හිතෙනු ඇත. අග දී ඔබේද කථාව වනු ඇත.

ඒ ගිය ශනිදාවයි (2016 මැයි 21) . බලන්න මුතියංගනය පෙන්නනවා, මා හිටියේ පුංචිලායේ දිහාය. පෙර ගම්පොළ සිටි ඔවුන් දැන් පදිංචිය පේරාදෙණියේ උවද වෙසක් බලන්න යන්නේ තවමත් ගම්පොළම විය. මා ද පහන් රෙෂාන් මල්ලිලා දෙපළද පන්සල් ගොස් ගම්පොළ පරණ නිවසට පැමිණෙන විට හිරු 9.30 ප්‍රවෘත්ති ආරම්භ වූවා පමණි. 


පෙරදා දිනේ ගංවතුරෙන් පලා ආ මට අවශ්‍ය වූයේ රටට වූ විපත්තියේ අඩු වැඩිය බැලීමට වුවද පෙන්වූයේ බදුල්ල මුතියංගණය සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවය. එහි ධර්ම දේශණාය. පන්සලට පැමිණි අය හිරු ගැන කල වර්ණනාය. මුතියංගණ සෑය උඩින් සහ බදුල්ල උඩින් ගිය ඩ්‍රෝන් වීඩියෝ දර්ශන විය. බදුල්ලේම එකා වූ මා හට බොක්කටම දැනෙන වීඩියෝ පෙලක් නිසා මම නිකන් හින්දි චිත්‍රපටේක අවසන් කොටස බලනවා මෙන් දුකෙන් සතුටෙන් පුදුමෙන් මේ පෙළ බැලීමි. 

මෙයට පසුව කැලඹුන කාලගුණයේ ප්‍රවෘත්තියෙන් වතුර අඩු වෙන බැව් ද දුටිමි.(2016 මැයි 22)
ඉරිදාය. මම තවමත් නුවරය. රෑ පුවත්‍ ය. ධාතු පෙන්වන හිරුය. ෂා ශෝක්‍ ය. මුතියංගනයේ සිට හාලි ඇලටම සෙනග ඇති බැව් හිරු කියූ පුවත තාත්තා දුරකථනයෙන් සනාථ කලේය.


කිරිබත් කපා මේ සියළු පිරිසට දෙනවා කියූ නිසා රෙනෝ මහත්මයා ප්‍රමුඛ හිරු ගැන අපිට වූයේ මාර සතුටකි. අනික බදුල්ලේ ලස්සන උඩින් පෙන්වන හිරු ද ඒ හිරු ගැන කදුළු පුරෝන කතා කරන මිනිසුන් ද අපිට දුන්නේ පුදුම සතුටකි. ඇත්තමයි වැඩේ නියමය.


පසුදා උදෑසනම(2016 මැයි 23) මම යෙහාන් මල්ලී සමග කාරයේ පැමිණ ගුඩ් ශෙඩ් එකෙන් බදුල්ල සී ටී බීයක නැග 9.30 වෙද්දී බදුල්ලට පැමිනියේය. කෝ අදත් ධාතු පෙන්වනවා කිවුවානේ කෝ එහෙනම් සෙනග. ටවුමේ ට්‍රැෆික් වත් සෙනගවත් පෝළිමක් වත් දැක්කේ නැත. වෙලේකඩේ අසලට එන පමාවෙන් ඒ සැක දුරු විය. ටවුම මැදින් නොව පෝළිම ටවුමේ පැත්තකින් වූ සේනානායක පිට්ටනියට පහළ පාරේ යන බැව් දුටිමි. අප්පොච්චියේ සෙනග...!!

මා නිවස වූ පිංඅරාවට යන තෙක් ද ඊටත් උඩින් ද සෙනග බැව් මා දුටිමි.

ගෙදර අම්මා සිටි අතර තාත්තා වැඩට ගොසිනි. අම්මාට නයිට්ලුය.


"පුතේ උඩ දීපිකා අක්කලා බීම දෙන්න යන්නේ, යන්ද?"

යන් යන්... ආ ඇදුම් පිටිම්ම මමත් අම්මා සමග උඩ ගෙදරට ගියේ පහළ වූ පෝලිමට බීම සදා බෙදා දීමටය.

සන්කුයික් අන්නාසි කෑලි ද දමා හදා ඇත. වතුර දමා ගෙනා බේසම් වලට මික්ස් කොට පහලට ගෙන ගොස් අප බෙදන්න ගියෙමු. කම්මානන්කඩ පන්සල ලග අපේ ඉස්කෝලේ පුෂ්පා ටීචර්ලා ඇතුළු තව අලුත් ටීචර්ලා ගොඩක් සමග 11 සිතිය හැකි ළමයි පිරිසක් ද බීම බෙදනවෝය. එහා පැත්තෙන් තවත් කවුදෝ වතුර ද තවෙකෙකු බිස්කට් ද බෙදනවෝය. පේන මානයේ පෝළිමය. පෝළිමේ යන අයට කෑම දෙන පිරිස්ය. මහජන බැංකුවෙන් බත්ද බෙදාගෙන යන්නෝය. ඒ මේ උඩ හරියේය. පහල ට වෙන්න තව තව පින්වතුන් හදිසියේ එකතු වී ධාතු බලන පිංවතුන්ට ආහාරාපාන බෙදන බැව් ඇසීමි. 

අම්මපා හද බොක්ක කීං ගාන්නේ බදුල්ලේ මිනිස්සුන්ගේ සිත් වල වූ මේ දයාව කරුණාව ඇසින්ම දුටු නිසාය. 

අප එතනම හද හදා දෙන්නට ගෙනාවේ හොද වෙලාවටය. බූලි එකක් පමණක් හදා පෝළිමේ යන අයටද ගොස් එන අයටද ඒ එක බූලිය පමණක් දුන් අපි ඉතුරුවා හවස දෙමුයි කියා ඉතුරු කර ගතිමු. කිරිඋතුරන්නාක් මෙන් මිනිසුන් දානයේ යෙදෙන්නේහුය.

වෙනදා 12.00ට කන්න එන තාත්තා ආවේ 1.30ත් පසුවීය. හෙදවිදුහලේ කොල්ලන් කෙල්ලන් එකතුව තාත්තාද ප්‍රමුඛ කරන් ඔවුන් බීම ද බිස්කට් ද දුන් බව කී අතර දැන් එතනම හොස්පිටල් එකේ වාට්ටු වශයෙන් පැමිණ අයිස්ක්‍රීම් දෙන බැවින් ආයේ හවස මොනා හරි දෙන්න අවශ්‍යයැ පැවසීය. මා එවෙලේ මොකද මේ අයට සිද්ධාලේපයි පැනඩෝලුයි දෙන්න තිබ්බා නම් ඇසුවෙමි. හොද අදහසක් කියා කෑම ද කා තාත්තා ගියේය. 
ගුගල් ඉමේජ් වලින් ගන්නා ලදී 


ගංවතුරෙන් අවතැන් වූ අයට කෑම දෙන්න හදන වෙලේ පහත් වහලේක ඔලුව වැදී පලාගෙන සිටි ඔලුවද මොකක් හෝ කර තවමත් ඇදුම් දෙන වම් කකුලද ගමන් විඩාවද මට දුන්නේ පැය එක හමාරක නින්දකි. හවස ගෙදරට ආ චතුර අයියා ප්‍රමුඛ පිරිස ද යන පිරිසට අහාරාපාන දෙන බැව් පැවසීය.

සවස් වෙද්දීත් පෝළිමේ නම් අඩුවක් නැතිය. වැඩ අවසන් වී ආ තාත්තා ද වැඩට යන අම්මාද සමග අපි ගියේ හෙද විදුහලේ රෑ වැඩ මුරයටය. එනම් බෙලිමල් හකුරු සමග දෙන්නට. එයද හෙදවිදුහල ලගය. 
යන ගමන් තාත්තා" ඔන්න අපි පැනඩෝලුයි සිද්ධාලේපයි දුන්නා"

හකුරු සමග බෙලිමල් අපද ගිය ගමන් කෝප්පයක් රස බැලුවෙමි. රාත්‍රී 8 ට පමණ නැවතත් මා පැනඩෝල් සිද්ධාලේප ගැන අදහසක් දැමීමි. අතේ තිබූ පමණින් අප කොල්ලන් කීප දෙනෙකු එකතු කර ගත් මුදල් වලින් වෙලේකඩේ ජින්තා හෝටලයට එහා පැත්තේ වූ ෆාමසියෙන් (නම මතක නැත) පැනඩෝල් පෙට්ටි ද තඩි සිද්ධාලේප කීපයක ද ගත්තෙමු. ෆාමසියේ අයියා අපට නොමිලේ පැනඩෝල් පෙට්ටි දෙකක් ලබා දුන් බව මතක් කලම යුතුය.


දවාලේ පොඩි පොඩි සිද්ධාලේප දුන්නමුත් මෙවේලේ සැරසුනේ ලොකු බෝතලෙන් යෝගට් හැන්දට එකක් දෙන්නටය. මිනිසුන්ට කන්නට බොන්නට හොදටම අපේ මිනිස්සු දෙන බැවින් සමහරක් අය කන්නේ නැතුව එපා පිං සිද්ධ වෙනවා කියා එතනින් ගිය ද පැනඩෝල් සහ ලේප නම් ඉල්ල ඉල්ලා ගත්තෝය. 

එතනද වැඩ ඉවර විය. ගෙදරට යද්දී 10 පසු වී තිබුණි. 
ගිය ගමන් පැමිණි දුරකථන ඇමතුම උඩ දීපිකා අක්කාගෙනි. බීම දෙන්නටය. " මේ වෙලාවේ නම් බීම බොන එකක් නෑ කියා "මම කිවුවත්, තිසර එක ලගදීද විදුලි බල මණ්ඩලේ ගාවද ටික දෙනෙක් ගත්තද , ගිහින් එන අයට දෙමුයි කියා මුතියංගනය ඉදිරිපිට දෙන්නට පටන් ගත් පසු ගෙනා බූලි 5මදිද විය.
කෙසේ හෝ එදින එන විට 1.00 විය.

පෙරදා උදෑසන කුශාන් අයියලා චතුර අයියලා පාරවල් සුද්ද කර ඇති බව දැන ගතිමි. එයට යෑමට නොහැකි වීම කණගාටුය.



මිත්‍රවරුනි, බදුලු පුරේ මුතියංගන සෑය වදින්නට හිරු දුන් ප්‍රොමෝට් එකට අම්පාරෙන් ද මාතරින් ද 

දිඹුලාගලෙන් ද නේක දිසා වලින් ලක්ෂ ගණනින් මිනිසුන් පැමිනි බැව් ඇත්තය. පින් සිතෙන් ධාතු බැලීමට ආ මිනිසුන් පින් චේතනාවන් දුරු කරන ක්‍රෝධ සිත් ඇති කරන බොහෝ දේද මේ පිටුපස විය.


හිරු ප්‍රමුඛ රෙනෝ ද සිල්වාලා මිනිසුන්ට රෙන්නවත් තැනක් නොතියූ බව් කණගාටුය. පැය 26ක් පෝළිමක උන් මිනිසුන් සිටිද්දී මුතියංගනේ ලගින් පාස් කියා අරං ගිය පිරිස්ද වීය. හිරු සංවිධානය කරේ මුතියංගනයේ ඇතුලේ වඩ පිලිවෙලයි. ඔවුන් මේ පිලිබද කිසිදු වගකිවයුතු ආයතනයකට භාර නොදී තම ආයතනයෙන්ම තනියෙන්ම කලමුත් ඉන් මිනිසුන් ලැබූ අපහසුතා ද අපමණ විය. 

සහන කණ්ඩායමක් ප්‍රථමාධාර ටීම් අවශ්‍යයි කීවා නම් මං ප්‍රමුඛ වෙලා ටීම් දහයක් වත් හදනවා කියා තාත්තා කියන්නේය. යථොක්ත ආහාර පාන දීම හුදී බදුළු ජනයාගේ අනුකම්පාව මිස වෙන සංවිධානාත්මක වැඩ පිලිවෙලක් නම් නොවීය. ඉරිදා ගිය පිරිස්ට නම් වතුර පොදක් ලැබුනේද මග ඇති නිවෙස් වලින් බව ඇසුවෙමි. සදුදා නම් මා කී ලෙස ඉරිදා වූ සංවිධානයෙන් තොරකම නිසා ජනයා සිතා දුන් වතුර ටැංකි අහාර පාර දිගේම විය.


කන්න තිබුනාට රෙන්න නොතිබුනේ ජංගම වැසිකිලිවත් අවශ්‍යයැයි හිරුට නොසිතුන බැවිනි. (මා හිරුට චෝදනා කරන්නේ මෙය ඔවුන්ගේ වැඩපිලිවෙලක් ද මා ද සහභාගි වූ සිරසේ උත්තම ධාතු වන්දනාවේ තැන තැන තිබූ ලැට් ද මතක නිසාය.)

ධාතු පෙන්වීම හොදය.
මග දිගට කෑම නැතිය.
වෙලාවට මිනිසුන්ගේ මනුසත්කමෙන් ආහර දුන්නෝය. (රෙනෝ දෙනවා කියූ කිරිබත් කන්න හිටියා නම් බඩුය)
පෝලිම් පිලිවෙලක් නැතිය. එක තැනෙක පහකි. නැත්තන් හයකි. අවසානයේ යවන්නේ එකෙකි එක බැගිනි. පෝළිම් හදන්නට නිර්මාල් මල්ලිලා ප්‍රමුඛ අපේ මල්ලිලායේ වයස උන් වෙහෙස වෙන බව දුටිමි. උන්ටද පින් ය.
ඔක්කොටම වඩා හංදිගානේ පනින මිනිසුන්‍ ය. උන් ඊලග ආත්මේ ගෙම්බන් වේවිය.
ඔක්කොම අවසානයේ කුණු පිරි පාරවල්‍ ය. හිරු ප්‍රමුඛ කන්ඩායම ධාතු වහන්සේලාද සල්ලි මලුද ගෙන උදේ හයට දොර වසා පිටත් වූවාමය. දැන් ඔවුන් වෙන තැනක මේ ගොන් පාර්ට් එක කෙලිනවාලුය. කුණු ඇද්දේ අපේ කොල්ලන්‍ ය. නගර සභාවේ අර අහිංසකයන්‍ ය. එහෙවු තියෙද්දී හිරු පෙන්වන්නේ මැයි දිනෙන් 'පසු' කැම්බල් පිටිය සහ කිරුළුපනයි. 

සාධු සාධු මුතියංගණ සෑය වදිමි.


හිරු හදපු මුතියංගන ගීතය : මුතියංගන ගීතය


මට ෆොටෝ ගහන්න නම් බැරි උනා ඒ උනාට මට පුළුවන් උනා යාලුවෙක්ගෙන් ෆොටෝ ටිකක් හොයා ගන්න 
බීම 

හෙද විදුහලේ බීම 

පෝලිමේ  අය 

රෑට බෙලිමල් 

හකුරුත් එක්ක 

No comments:

Post a Comment

අදහස් උදහස්