ලොකු අයියාගේ අම්මා ලියයි
මගේ පලවෙනි පෝස්ට් එක මල්ලි ගැනයි දාන්න හිතුව කොමත් මම ලොකු අයියා උනේ ඌ නිසා නොවැ.
මේක මල්ලිට ලෙඩ හැදෙන්න කලියෙන් කාලෙක අපේ අම්ම ට තිබ්බ හිතු…මගේ නිර්මාණයක් නොවේ ඔඔන්…අම්මගේ එකක්!!මල්ලි නැති වෙලා අවුරුද්දේ දානේ දෙන්න වැඩ සුදානම් කරන කාලේ මේ…මලයා පොඩි කාලේ ඉපදෙනකොටත් කන්න බැරිව හිටිය…
මලයා කථිකත්වයෙන් ඉස්කෝලෙම හෙල්ලුව කොල්ලෙක්….
චූටි පුතේ…
කටකාරයි, දගකාරයි

පුංචි ඔබේ මුහුණ දකින…
මගේ හිතේ පිරෙන සතුට…
කන්න බොන්න බැරිව හිටියේ..
මේ මගේ පොඩි පැටිය නේද!!
අද බලමුකෝ කටේසද්දේ …
හැමෝම පරදවන යුද්දේ…
නුබේ චූටි කටයි වතයි…
බලන් ඉන්න මට ආසයි
මුළු ලෝකෙම ජය ගන්නට හැකිය එබව දන්නෙමි මම
ඔහොම තමා බන් ඉන්න ඕනි උන් ඉක්මනට යනවා.වෙලාවකට උබටත් වඩා මල්ලි හොදයි.කවදාවත් අමතක වෙන් නැති නියම කොල්ලෙක්...........
ReplyDeleteඑල ආ දිගටම ලියපන් උබ ලියන ඒවා කියවන්න කම්මැලි නෑ කියලා මම හොදටම දන්නවා......
ආයුබෝවන් වේවා...එදිරි කොල්ලෝ කන්දේ හන්දියට ගොඩ උනා වගේම අයියා කාමරේටත් ගොඩ උනා ඔඔන්...අයියා බ්ලොග් කෙරුවාව ගැන දන්න දෙයක් නෑ...බ්ලොග් එකක් පටන් අරන්ම ඉගෙන ගන්නයි හිතුවේ...කොමත් එදිරි මලයා එහෙම ඉද්දි බය වෙන්ට කාරී නැහැයි කියල දන්නවත් නොවැ.
ReplyDeleteඅනික මේ කාමරේ කරක් ගහපු හැත්ත බුරුත්ත අතරේ එදිරි කොලුවත් හිටියනේ නැද්ද!!