කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Tuesday, January 22, 2013

ආදරය ට ආදරෙන් !




ආදරය,ආලය, ප්‍රේමය,






අපි කෙලින පිස්සු,
අම්ම තාත්තා,
පාසල් ජිවිතේ,
රැකියාවකට යන එක 
වගේම ජිවිතේ නැතිවම බැරි, අනිවාර්යෙන් තියෙන දෙයක් ඒ ,
සමහර අය මුල් බැල්මෙන්ම ආදරෙන් බැදෙනවා,
තවත් අයට එයාලගේ හැගීම් අදුන ගන්න අවුරුදු දෙක තුනක් යනවා,
සමහර ෆිල්ම් වගේ සමහරු එක්වුන පලවෙනි දවසෙම එයාලගේ හැගීම් කියනවා,
සමහරු එයාලගේ හැගීම් එයාලා ගාව තියන් ඉන්නවා 
එයාල එයාලගේ ඇස්  වලට කතා කරන්න ඉඩ දෙනවා,
ඉන්පස්සේ එයාලා ආදරේ කරන්න දැනගන්නවා.. 
එයාලා හදවතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න ඉගෙන ගන්නවා..
ඒ නිසයි ගොඩක් ආදර කතා සදාකාලික වෙන්නෙත්.

හ්ම්ම්............





ඒත්, ඒ කාලේ අන්තර්ජාලේ තිබ්බේ නෑනේ,


s.m.s නෑ ...කෙටි පණිවුඩ සේවා!
කොහොමද එදා අය කිවුව දේවල් වලින් භාගයක්වත් අපි කියන්නේ,
අපිට මුළු හදවතින්ම කියන්න ඕනේ වෙන දේවල් ? ,
ස්ම්යිලි එකකට, ඇත්ත හිනාව වගේ බලපෑමක් කරන්න බෑ..
එකිනෙකා දිහා බලලා හිනාවෙන හැගීම දෙන්න බෑ...
ඉස්සර ගුරුවරුන්,දෙමාපියන්, යාලුවොන්ට හොරෙන් ආදරේ කරනවා දෙන්නට දෙන්න,

ඒත් අද!! 

එකිනෙකාට හොරෙනුත් ආදරේ කරනවා..
ගස් අස්සේ, බැම්මකට මුවා වෙලා, පන්ති පිටිපස්සේ ආදරේ කරනවට වඩා
අද කට්ටිය එක එක්කෙනා ඉස්සරහ හිටියත් පරිගණක ස්ක්‍රීන් එක පිටිපස්සේ හැංගෙනවා .
Internet connection එකෙන් ආදරේ වේගෙන් ඇති වෙනවා..
ඒ වගේම පහසුවෙන් ලොග් අවුට් වෙනවා...

මම කියන්නේ පොඩ්ඩක් හිතන්න,



කොහොමද කෙනෙක්ගේ හොද නරක ඩිස්ප්ලේ පික් එක්කින් බලලා ආදරේ වෙන්නේ?! අරුමයක්!!


ඒත් ...මේ අන්තර්ජාලේ එහෙම ආදර සම්බන්දතා  ගොඩකගේ උරුමක්කාරයෙක්,
ඉස්සර වගේම මේ ආදර කතාත් සදාකාලික වෙලා තියෙනවා,
බ්‍රෝඩ්බෑන්ඩ් ආදරේ සුන්දර කම එක්ක 
මුහුණට මුහුණ හම්බවෙලා කතා කරන තැන දක්වා එනකොට , 
සමහරවිට එදා ආදරවන්ටයොන්ට වඩා බැදීමකින් ඉන්නේ,


යාලුවනේ ඔයාලගේ ආදරේ කොහෙන් මතුවෙයිද කාටවත් කියන්න බෑ...

කවද ඇතිවෙයිද කියන්න බෑ...
ඒත් ආදරේට ආදරේ වෙන්න...මුළු හදවතින්ම,
ආදරේ වෙන්නේ මුලින්ම කවුද කියන දේ වත්, 
ආදරේ පටන්ගන්න විදිහ වත් කවදාවත් හිතන්න යන්නෙපා,
වැදගත් ආදරණිය ගැගීම, විශ්වාසය......

No comments:

Post a Comment

අදහස් උදහස්