කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Tuesday, December 18, 2012

පරක්කුව


මට වැඩිය මේ කෝච්චියේ ගමන් බිමන් යන්න වෙන්නේ නෑ...ඔය අලුතින් කෝච්චියක් දැම්මොත් එකේ නැගල ගිහින් පොඩි ආතල් එකක් ගන්න මිසක් වෙන කාරණාවකට  කෝච්චියේ යන්න නං ලොකු අයියට එන්නේම  නෑ.
ඒත් කොහොම හරි දවසක් මට  සිද්ද වුනා  කෝච්චිය අල්ලන්න යන්න, මේ සිද්දිය උනේ A/L කරන දවස්වල,
ප්‍රොෆෙසර් රෝසා බණ්ඩාරවෙලට එනවලු ,දන්නවද මන්දා එතුමා physics වලට හොදම ගුරුවරයෙක්,මහාචාර්යවරයෙක්.

ලොකු අයියා ඉන්නේ බදුල්ලේ. බදුල්ලෙන්නේ උඩරට මැණිකේ පටන් ගන්නේ. ඒක නං කියන්න දෙයක් නෙවේනේ. බදුල්ලෙන් කෝච්චිය යන්නේ 5.50 උදේ එකේ ගියොත් බණ්ඩාරවෙලට 7.30 , 8.00  වෙද්දී යන්න පුළුවන් මයේ හිතේ, වෙලාව නං දන්නේ නෑ හරියටම.
කොහොම කොහොම හරි එදා උදේ පාන්දර නැගිටලා ලෑස්ති වෙන්න ගත්ත. උදේ පාන්දර කිවුවට 4 ඉදන් කතා කරලා කරලා දෙයියනේ කියලා 5ත් අම්ම මාව නැගිට්ටේවුව. හීතලේ දත මදිද්දී දතුත් ගල් ගැහෙනවා. කෝම හරි දත් මැදලා ,

නම්බර් 1 නම්බර් 2ත් කරලා ඉවර වෙද්දී වෙලාව 5.20යි අවුලක් නෑනේ තව පය බාගයක්ම තියෙන්නේ, ඇදුන ඇදගෙන ඉවර වෙද්දී වෙලාව 5.35යි. කෝම හරි සැන්ට් පවුඩර් දාල කාමරෙන්  එලියට එනකොට ,
මල්ලි කියාපි අද නං යන්න වෙන්නේ නෑ උබ බස් එකේම පල කියල, අසුහාරදාහට මල පැන්න . මොනා කරන්න ද !! ඉවසන දනා රුපු යුදයට කොස් කොටන්න ද කියල ඉවසුව, උදේ පාන්දරනේ .
දෙයියනේ කියලා කොමෙන් කෝම හරි පියාගේ රථයට ගොඩ උන මම කොච්චි ඉස්ටෙසමට එනකොට හෙන හොර්න් එකක් ගහන් කෝච්චිය යන්න ගියා, මල හත්වලාමයි, හින්දි චිත්‍රපටෙක වගේ පස්සෙන් එල්ලෙන්න පුලුවන්ද මට,
 වෙලාව බැලුව 5.45 යි . මොකක්??? කෝච්චි පරක්කු වෙලා යනවනේ කියන්නේ මේක මේ කලින් යන්නේ!!! කෝම හරි මේ වෙලාවේ ලොකු අයියාගේ මුණ ඇඩෙනවා වගේ,
තාත්තා බැනගෙන බැනගෙන ගියා  ලැජ්ජාවක් නැද්ද , හැමදාම කියනවා කිසිදේක ඉක්මනක් නෑ %#@#$%$# . ඕව මට මතක නෑ.. මේ හදිස්සියේ ඕව අහන් ඉන්නේ මොකද !!!
මොනා කරන්නද පස්සේ ඔය බැනුම් ගොඩත් එක්ක මාව  බස් එකකට නැග්ගුව, අනේ ඉතින් පස්සේ හොයල බලද්දී කෝච්චිය 5.40ලු එදා විනාඩි 5ක් පරක්කු වෙලත්ලු ගියේ.
 ඔන්න ඉතින් වෙලාවට වැඩ නොකරපු එකෙයි, මෙච්චර තාක්ශනේ තියෙන කාලේ කෝල් එකක් වත් දීලා කොල්ලෙක්ගෙන් අහපු නැති එකෙන් එදා ලොකු අයියට වෙච්ච දේ .

අපොයි..
මම එනතුරු නොහිද..
තවත් මොහොතක් මා එනතුරු නොසිට...
මා තනිකර ඔබ ගිහින්...
එන තුරු මා
ඉවසනු බැරි උනේ කීම  
උඩරට මැණිකේ


ලොකු අයියට හිතුනේ ඕකලු බස් එකේ යද්දී....!!

2 comments:

  1. අනේ පොඩි එකෝ..... මට මතකයි ඩෝ... මම කෝච්චියෙ ඉදන් අත වනාඅගෙනැ ගියා... උඹැ මුහුන හැට රියනක් දික් කරැගෙනැ ඉස්ටේෂමේ ඉන්නවා දැක්ක නෙව... හූ... :ඩී

    ReplyDelete
    Replies
    1. හප්පේ කියලා වැඩක් නෑ.... ගෝන පිනුවල කල්ප නං දුවන් ඇවිත් පැන්නලු කෝච්චියට එදා.. එත් කොහොමෙයි අපි දුවන්නේ හප්පා...

      Delete

අදහස් උදහස්