කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Monday, December 16, 2013

සුභ උදෑසනක් ! ඔබයි මගේ ආදරය , නොයමි කිසිදා ඈතට ...|Good morning, Feel my love

මෙය ද මාගේ සොදුරියගේ නිර්මාණයක් 

ආයුබෝවන්ඩ , බොහෝ කාලෙකින් , ඊයේ එයයි මමයි මොකක්දෝ පටලැවිල්ලක් දා ගත්තා , මම නිදියනවා යැයි කියපු මම නිදියගෙන අද ඇහැරිලා බලද්දී මෙන්න මේ මැසේජ් එක විතරක් තිබුනා !! ලොකු අක්කගේ නිර්මාණය ක් විය යුතුයි සිතා මම මේක මගේ බ්ලොග් පිට්ටේ අලවනවා, මොකද මගේ ආදරවන්තිය නිර්මාණශීලී වෙච්චි එක ගැන මම මේ හරි ආඩම්බරයෙන් ඉන්නේ !



උදේ වෙනකොට ,
රෑ තිබුණු කළුවර...
අමතක වෙනවා 
ඒත් 
ආයිත් රෑ නොවී තියෙයි ද ?

හොයාගෙන එනකොට ,
තනිකරලා ගිය හැටි...
අමතක වෙනවා 
ඒත් 
ආයිත් තනි නොකරයිද ?

ආදරෙයි කිවුවම,
එපා කිවුවේ ඇයි ...
අමතක වෙනවා
ඒත් 
ආයිත් එපා නොකියයිද ?

ඒ වගේ...

හිතට දැනෙනකොට 
මට මාවත් 
අමතක වෙන
ඒත් 
කොයි වෙලේ 
නැති වෙයිද මුළු හිතටම වද දෙන ,

අමුතුම දෙයක්, මට දැනෙන මේ ආදරේ ....!!

ඔය උඩ  තියෙන චිත්‍රයත් ඇගේම නිර්මාණයක් !!!

Monday, October 14, 2013

කාමර ගතවීම, ඉතිහාසය, ඇයි හැදුවේ සහ මම | Room coming,history, me and why I made this ?

ලොකු අයියාගේ කාමරය පටන් අරන් දැන් මාස කිහිපයක් ගත වෙලා ,ඒත් ප්‍රශ්නේ කියන්නේ මුලින් තිබ්බ උද්දාමය දැන් අඩුම වෙලා තියෙන්නේ,ඉස්සර ඉස්සරම පොස්ට් දවසකට දෙක තුනක් දාපු මම දැන් දාන්නෙම නෑ. කොටින්ම කිවුවොත් මම ලගදී බ්ලොග් එක පැත්තට නිකමට වගේ ආව. ඇවිත් දාල ගියා "මම ආයේ ලියනවා කියල" නම්, ඒක එක්තරා විහිළුවක් උනා , ඒක දැම්ම දවසට පස්සේ අද යි මේ ආයෙත් ආවේ. ඒ පොස්ට් එක අයින් කොරා.

ඇත්තටම කාමරයට එන්න බැරි වෙන්න හේතු කිහිපයක් තියෙනවා නෙව. මෙහෙමයි හිටි හැටියේම වැඩ රාජකාරි ගොඩ ගැහුනා. ඒත් ඒක ට වඩා ලොකුම දේ
තමයිහෙන කම්මැලියි බොලවූ ලියන්න. මම ඉතින් හැමදේටම කම්මැලි එකා නෙව. ඔන්න ඒත් කම්මැලියි කියා කියා ඉදලා ත් හරි යන්නේ නෑ නෙව.
පසු ගිය මාස කිහිපයේ ජීවිතේට ඇති වෙන්න අත් දැකීම් ගොඩකුත් එක්කාසු කරනුයි මම මේ ඉන්නේ.
________________________________________________________________

මම ආයේ මුල ඉදන් පටන් ගන්නම්.


ඇත්තටම මම මොකද මේ හිටි හැටියේ කාමරයක් ඇරියේ? මේක මට ආපු හෙන බරපතල ප්‍රශ්නයක්.
මෙච්චර කම්මැලියි කම්මැලියි කියන මම මොන එහෙකට එහෙනම් මෙකකට පෙලබුනා ද !!!

ඒ කාරනාව මම පසු පසටම හැරිලා බැලුවා. ඇත්තටම ඒ කාලවකවානුව ඒ කියන්නේ මීට දින 305ක් පමණ පෙර ...පොඩ්ඩක් ඉන්න අපි ඒක මෙහෙම ගමු.

Before 305 days, Badulla Town

ඒ සීත උදුවප් මාසයයි , ශ්‍රී ලාංකීය බ්ලොග් ශිල්පීන් අතරට වෙල්ලස්ස පුරවරයෙන් , ඌව , බදුල්ල නගරයෙන් කෙනෙකු පැමිණිය දිනය එයයි.
පපර පපර පාන්ග් !!!

ඔන්න මේ කාලේ වෙනකොට මගේ මිත්‍ර අංජන සහෝදරයා photography, ගැන බ්ලොග් එකක් හදලා මට පෙන්නනවා, ඒ අතර තුරේදීම නුවන් සහෝදරයා ත් බ්ලොග් ගැන මා සමග මුහුණු පොතේදී සියුම් කතිකාවක් කරනවා. කන්දේ හන්දිය බ්ලොග් එක ඒ සහෝදරයාගේ. මන් හිතන්නේ ඊකත් දැන් ජරා ජීර්ණ වෙලා මිනිස් පුළුටක් නැතිව.ඒ වගේම චාමිකර බණ්ඩාර සහෝදරයාගේ නිර්මාණරතිය කියන බ්ලොග් එකත් මම දකිනවා. ඔහුත් මගේ කුළුපග පාසල් මිත්‍රයෙක්. ඉතින් මේකනේ අපිට අපේ ලග උන් දෙයක් කරනකොට නිකන් කහනවා කහනවා වගේ නෙව. අන්න ඒ හින්දා මේ දින  ටිකේදි මාත් බ්ලොග් ගැන හොයනවා. එහෙමට විශේෂ එකක් නෙවේ. කොහොම ද බොලේ බ්ලොග් එකක් හදා ගන්නේ කියලා.ඇත්ත වශයෙන්ම මේ කාලේ වෙනකොට තියා දැන් උනත් මට බ්ලොග් කියවිල්ල කම්මැලි වැඩක්. කොටින්ම කිවුවොත් මම බ්ලොග් එක පටන් ගන්නේ බ්ලොග් එකක් වත් නොකියවලා. හරිය?

මටත් ඕනේ වෙනවා බ්ලොග් ලෝකේ හැම එකාටම ඕනේ වගේ අමුතු එකක් කරන්න. ඉතින් මම ඒකට හොයනවා නමක්. අයියාගේ කාමරේ කියලා දාන්න මුලින්ම ගියේ.

අහ්හ් ඒක නෙවේ,මම මුලින්ම blogger එකේ නෙවේ wordpress එකෙයි මගේ බ්ලොග් එක හදන්නේ. ඒත් මට අපේ යාළුවො කරන්නේ blogger පාවිච්චියෙන් නිසා, තමයි මෙතනට එන්නේ.wordpress එකේ හදාපු එක තියෙනවා ද මන්දා. කොහොම හරි එහෙම එකක් තිබ්බොත් ඒත් මමමයි හොදේ.

අවුරුදු 16ක් එකට හිටිය එක්කුසින් උපන් මයේ මලයා මීට මාස කිහිපෙකට කලින් අන්තරා වෙනවා, මෙතනදී මීට මාස කිහිපයක් කියන්නේ දින 305 කට කලින් මාස කිහිපයකට කලින් හරිය,
මල්ලි අන්තරා වෙන්නේ ලියුකේමියාව රෝගයෙන්, මම ඒ ගැන , සහ ඌ ගැන කියන්නම කාමරේ ඇතුළෙන්ම.මම මෙතෙන්දි ඒ කාරණාව කිවුවේ ඇයි හිතනවා ඇති, ඇත්තටම මට ඕනේ උනා මල්ලි ගැන ලියන්න. මල්ලි ගැන කියන්න. ඒක මගේ බ්ලොග් එකේ මූලික අරමුණ උනේ.
ඇත්තටම තවමත් මේ බ්ලොග් එකේ ඒ පිළිබ ද කිසිදු ලිපියක් පල වෙලා නෑ. මොක ද මේ බ්ලොග් එකේ තාම තියෙන්නේ අතේ ඇගිලි ගානට ලිපි ටිකක්. මම සමහරක් ඒවා අයින් කරා.

ඇත්තටම මම අයියා කෙනෙක් උනේ මගේ මල්ලි නිසා , අන්න එතනින් මම කඩා ගන්නවා අයියා කියන එක, ඒක තමා ඔය අයියාගේ වෙලා තියෙන්නේ,
එතකොට "ලොකු" කෑල්ල එන්නේ කොහෙන් ද? මම අම්මගේ තාත්තගේ ලොකු පුතා. මල්ලි නැතැයි කියලා දැනටත් ඒකෙ වෙනසක් නෑ ඉතින්. මොකද ඒ කාලේ ඉදන්ම මට "ලොකූ...." කියලා තමා අම්මයි තාත්තයි
කතා කරේ සහ කරන්නේ. ඔන්න ලොකු කෑල්ල නමට එනවා" ලොකු අයියා " කොටහ හරි, කාමරේ, මේක ඇත්තටම මම තනියෙන් ගත්ත දෙයක් නෙවේ, මේක මම මගේ බ්ලොග් එක හදනකොට අනික් අපේ
බ්ලොග් මිත්තරයන්ගේ බ්ලොග් වලට එබෙද්දි හොයා ගත්ත එකක්. "සිරාගේ කාමරේ " අන්න දැක්ක ද කාමරේ කොටහ ආපු හැටි.

හරිනේ දැන් මගේ බ්ලොග් එක ට නමක් තියෙනවා. ඉතින් අපේ මිත්‍රයන්ගෙන් අහ අහා මම හදනවා බ්ලොග් එක. මේ හදලා තියෙන්නේ, හම්මෝ මේ හදලා තියෙන එවුවට වඩා සුකුරුත්තන් ආයි ඕනේ
නෑ.
ඔන්න ඕකයි මගේ බ්ලොග් එක හැදිල්ලේ ආරම්බය, ඉතිහාස කථාව

TODAY,Sri lanka

කලින් කිවුවා වගේ මට කම්මැලියි බන්. මේ අද ලිවුවට ආයි කවදාක ලියාවිද මන් දන්නේ නෑ , :-)
කොහොම හරි ලියන්න ඕනේ. මොකද ලියන්න මට ගොඩක් දේවල් නම් තියෙනවා.
බ්ලොග් එක පටන් ගත්තේ ඇත්තටම අපේ උන් කරපු නිසා ඉරිසියාවට කුම්මහි කමට තමයි. ඒක මට හිතෙනවා. නැත්තන් බඩ බොක්කෙන් ලියන්න ගත්තා නම් මෙහෙම නවත්තන්නේ නෑ.
:-D , ඒත් මම මේ ආයි අළුත් ආරම්භයක් ගත්තේ නම් කුම්මහි කමට නෙවේ ඔඕන් .

තව දෙයක් කියන්න ඕනේ මම මුහුණු පොතේ හදවුවා ඒ කාලෙදිම ලොකු අයියගේ කාමරේ පිටුවක්. ඒකට නම් මන් අරව මේවා දානවා meme කාටුන් වලින් ඒක පුරවනවා. ඇත්තටම එකේ ගොඩක් ඒවා මගේම ඒවා. ඒත් මේ ලගදි දවස් ටිකේ නම් හොරෙන් උස්සලා දැම්ම ටිකක්. දැන් පේජ් ඒකට ලයික් 800 ක් විතර ද කොහේ ද තියෙනවා. 
----------------------------------------------------------------------------------------

දැන් මම ගැන කියන්නම්.

මම බදුල්ලේ. ඉස්කෝලේ ගියෙත් බදුල්ලේ, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලේ ,මම උ/පෙ පලවෙනි ලැජ්ජාව කරන්නේ 2011 දී. උ/පෙ කරලා පොදු පරීක්ෂනේ නේ ද අන්න ඒක කරේ 2011 සැප්තැම්බර් 1 , ඉවර උනා විතරයි මම තෝර ගත්තා ICBT එක. මාතර එකත් ලගයි ඒත්
නුවර එක ගොඩක් ලගයි අනික දන්නා කියනා අයත් ඉන්න නිසා මම ICBT Kandy campus එකේ ප්‍රමාන සමීක්ෂක (QS) කරන්න ගන්නවා ,ඒ 2011.සැත්තම්බර් 11 වෙනිදා.
අවුරුදු දෙකක course එකක්. full time තමා කරේ , ඔන්න ඔය අතරේ 2011 දෙසැම්බර් විභාග ප්‍රථිපල එනවා , හරි බඩු බනිස් මන් පාස්, මලම කෙලියයි, කෙමිස්ට්‍රිත් පාස්. මම කරේ මැත හරිය.
පාස් උනාට අපිව කැම්පස් ගන්නේ මේ 2013 නෙව. මතක ඇති නෙව Z ස්කෝර් අවුල.  එකෙන් මේකෙන් විශ්ව විද්‍යාලෙට ගන්න එක පරක්කු වෙන එකත් මට මල් හතටම හිට්ටා. මොකෝ මන් දැන් QS එකත් කරනවා නෙව.
බදුල්ලෙන් නුවරට නුවරින් , මම ඊලගට මේ දැන් මම ඉන්න කුලියාපිටියට එනවා.ශ්‍රී ලංකා වයබ (අර පස්ස පැත්ත ලොකු බයන්න කොහොම ද බන් ගහන්නේ ?) විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ සිසුවෙක් හැටියට.
පස්සේ රුහුණේ පිසිකල් ආවට මම ගියේ නෑ . කොහොම හරි පොල්වත්තේ වී. විද්‍යාලයේ තමා දැන් මම ඉන්නේ, ඇත්තටම මම කාර්ය බහුල වෙන්නේ මේකේ තියෙන වැඩ රාජකාරී නිසා.
දැන් අපේ පලවෙනි අවුරුද්දේ අන්තිම මාස එක හමාර මේ යන්නේ. ඇත්තටම මාර්තු වැල අපිව අරන් , මැයි වල අධ්‍යන කටයුතු පටන් අරන් කොහොම අවුරුද්දක් ඉවර කෙරෙනවා ද කියලා
කාට හරි හිතෙන්න පුළුවන්. මේකයි අපේ වී. වී.යේ දැන් සතියේ දවස් හතම උගන්නනවා , අනික මේ අවුරුද්දේ අන්තිමේ මාස 2 ක් තුනක් නිවාඩු හම්බෙන්න නියමිතයි අපිට. මොක ද දැයට කිරුළ 2014 තින්නේ අපේ විශ්ව විද්‍යාලයේ නෙව

හරි මන් ගැනත් මොනා දෝ කිවුවානේ. දැන් මන් පටන් ගන්නම් කාමරේ රොඩු බොඩු ගසලා දාල ආයිත් අකුරු කරන්න.

එහෙනම් එතකන් ජය!!!


Thursday, February 28, 2013

මේක හරි ප්‍රශ්නයක් බොලවූ !


මම මේ ලගදි අක්කා කෙනෙක්ගේ මගුල් ගෙදරකට ගිහින් දුන්න 
ප්‍රසන්ට් එකට තෑන්ක්ස් කරලා මෙයා මට ලියුමක් එවුව !

ඒ තෑග්ග එයාට ඕනිම වෙලා තිබ්බ එකක්ලු , 

'අමුත්තන්ට සංග්‍රහ' කොරනකොට 
හැම වෙලාවකම එයා ඒක පාවිච්චි කරනවත්ලු,


"මචංලා , මගේ හිතට මේක හෙන වදයක් ! 

මොකද මම අක්කට තෑගී කරේ

බෙඩ් ෂීට්ස් !!!":O :D "



Thursday, January 31, 2013

අත් ලේ !


මට ඕනේ කමක් තිබ්බේ නෑ ඔහේට රිද්දන්න .....
හිතුවිල්ලක් වත් අඩුම ගානේ....
තී මට ලංවෙලා රිද්දල මගේ සාරය ගත්තට මගේ තරහක් නෑ...
කොහොමත් දෙන්නගෙම එකම ලේ....
එහෙවු තියෙද්දීත් තී ,
කන ගාව...
කුඋං කුඋං ගාපු නිසයි, මගේ ලේ
මගේ අල්ලේ තියෙන්නේ මේ! 

අයියාගේ දිනපොත 2012.12.14 

බලා සිටිමි !


මහේෂ් සදරුවන් ලියයි.

පියාපත් සගවලා,
සිටියාට නුබ  හොරෙන්,
සගවන්න බෑ  නුබේ 
සොදුරු මල් සිනහවන්, 
පියාපත් දිගහරන් 
පිනි බින්දු විසුරුවා 
සද දියෙන් නැහැ වෙන්න,
පියබලා නුබ එන්න.
සිහින මල් නෙලා ගෙන, 
පෙම් දියෙන් දොවාගෙන,
පරවෙන්න ඉඩ නොදී, 
එන තුරා නුබ ළගට,
මග බලා සිටිමි මම.


Sunday, January 27, 2013

කෝලංකාවේ ජාතික ගීය re-mix





අංජන කෝලිය රණතුංග ලියයි.

ඔන්න අලුත් මාතෘකාවක් ඇදගෙන... ජාතික ගීය RE-MIX කරනව කියන්නෙ ෆේස් බුකියෙ ඉන්න මහ ලොකු ජාතික වීරයො ටික....... ආයෙ ඉතින් සෙල්ලම් නෑ. සිංහල ලේ තියෙන සිංහල බෞද්ධයො මෙහෙම කියන්නෙ හොඳේ...  අපිනම් නෙවෙයි... මොනා උනත් "ජාතික ගීය වෙනස් කරනවට මම විරුද්ධයි" කියලා කෑ මොර දෙන සිංහල ලේ තියෙන වීර සිංහල බෞද්ධ ඇත්තො
ෂෙයාර් කරන පොස්ට් වල හාල්පරු මූනකට ජාතික කොඩිය දාලා ජාතික කොඩියට කරන අපහාසය තමයි වාවන්න බැරි අම්මපා....

බයෙත් බැහැ මටනම්... කස්ටිය ෂු ... ගාලා පෝස්ට් ලියනවා, ෂෙයාර් කරනවා ටැග් කරනවා. ජාතික ගීය රැක ගන්ට පෙරට වරෙව් ලු. (දැන් ඒක විතරයි නෙ ඉතිරි වෙලා තියෙන්නෙ රැක ගන්න.)  

අප්පට උඩු. මේක ලියද්දිත් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා මාව. කොයි වෙලාවෙ දෙශප්‍රේමි දේශමාමක හුදී ජනයෙක් ඇවිත් මට කොටයි ද දන්නෙ නෑ. 
මොකද මම ඉන්නෙ මේ ජාතික ගීය වෙනස් කරන්න ඕනි කියන ස්ථාවරයෙ... 


Thursday, January 24, 2013

මගයා !












1) අපේ එකාලම තල්ලු කරන් 
    හැම එකාවම තෙරපන්,පෙරළන්,
    එහෙන් මෙහෙන් 
    පැනන් ඇවිත්, 
    අල්ල ගත්තු කොනේ සීට් එක !

2) Km කණුව පහු කරද්දීම ජියර් අවුල් ගිය බසය!

Tuesday, January 22, 2013

ස්ටෝරිය

යමරජු ගේ කතාව 

ඔබ දන්නවද  කවුද අපේ හතුරෝ කියා...
අපේ හතුරා ඔබේ හොද වැඩ....
අපි විතරක් නෙවේ දෙයිවය පවා ඒකට හිස නමනවා..
ඔබේ හොද වැඩට ඔබේ ජිවිතේ... 
මෙලොව එලොව පරලොව 
ඔබව රකින්නට බලය තියෙනවා
නමුදු අපි ට "එම" නරයන්ට වඩා
නිරයට එන නරයන් වැඩිය.
පිරිස වැඩි කර ගන්නට අපට උවමනාවක් නෑ...
හැදෙන එකාට හැදෙන්න,කියන්නම්... 
ධම්මෝ හවේ රක්කති ධම්ම චාරී... 
(ධර්මය රකින්නා ධර්මය විසින් රැකේ)

ආදරය ට ආදරෙන් !




ආදරය,ආලය, ප්‍රේමය,






අපි කෙලින පිස්සු,
අම්ම තාත්තා,
පාසල් ජිවිතේ,
රැකියාවකට යන එක 
වගේම ජිවිතේ නැතිවම බැරි, අනිවාර්යෙන් තියෙන දෙයක් ඒ ,
සමහර අය මුල් බැල්මෙන්ම ආදරෙන් බැදෙනවා,
තවත් අයට එයාලගේ හැගීම් අදුන ගන්න අවුරුදු දෙක තුනක් යනවා,
සමහර ෆිල්ම් වගේ සමහරු එක්වුන පලවෙනි දවසෙම එයාලගේ හැගීම් කියනවා,
සමහරු එයාලගේ හැගීම් එයාලා ගාව තියන් ඉන්නවා 
එයාල එයාලගේ ඇස්  වලට කතා කරන්න ඉඩ දෙනවා,
ඉන්පස්සේ එයාලා ආදරේ කරන්න දැනගන්නවා.. 
එයාලා හදවතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න ඉගෙන ගන්නවා..
ඒ නිසයි ගොඩක් ආදර කතා සදාකාලික වෙන්නෙත්.

හ්ම්ම්............