කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Wednesday, July 20, 2016

ගංවතුර සහ මම | Me & Flood

ගංවතුරට අසුවීමි

ඒ ගිය සතියේ ඉරිදාය.(2016 මැයි 14 සිට) කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කඩුවෙල,නවගමුවහි වෑවල ඉසංක අයියාගේ නිවසට ගියේ සුපුරුදු පරිදි එදින රාත්‍රිය ගත කර සදුදා උදයේම බදුල්ල කරා පැමිණීම උදෙසාය.
රාත්‍රියද පෙර දිනද අධික වර්ෂාවය.

" කඩුවෙල වෙලේ හංදියේ වතුර"ඒ මංජුලා අක්කාය.
මම දැන හිටි වෙලේ හංදියක්වත් වතුර ගැහිල්ලක් මහ කජ්ජක්දැයි සිතීමත් උදෑසන 9ට පමණ 143ක නගින්නට හේතු විය.

නවගමුවෙන් ඉහළ බෝමිරියට ආ බසය හිර වුනේ අධික තදබදේකටය.
පැයකි දෙකකි,ෆෝන් එකේ ගේම් ගසා 100% බැටරිය 15%ක් වී චාර්ජ් කරන්නැයි කියන කල්ම මට නම් ගාණක් නොවීය. එදා හාෆ් ඩේ දැමූ ඉසංක අයියා ගෙද‍රවිත් "බස් එකෙන් බහින්න මම ගන්න එන්නම්"කියන පමාවෙන් බසයෙන් බැසගත් මා කොයිකටත් මේ වෙලේ හංදිය බලලා එනවා සිතා පයින්ම ඉස්සරහට ගියෙමි.
එතැන එකම කෙලියකි, වාහන නැවතිලාය,ලොරි නිකන් රැවුල් හෝදනවා මෙන් විය. කැලණි ගග පැත්තකින් හෙන ලයින් එකක් දී උඩටම ඇවිත්‍ ය. මලාහ්: මා ගං වතුරකට හිර වීය!!
පයින්ම වෙලේ හංදියේ සිට නවගමුව රෝහල ලගට යද්දී ඉසංක අයියා පැමිනියේ මම පයින් එන බව දැන්වූයේ බෝමිරිය පාසල පසු කරද්දී නිසාය. බලංගොඩ අවිස්සාවේල්ල බස් පසු කර ගියද මා නෙවේ අතවත් දැම්මේ!පයින් ගමන ආතල්‍ ය.

වෙලේ හංදිය 

අගහරුවාදා, මා සුපුරුදු පරිදි මා හට දෙන කාමරයේ හතරරියන් දෙකතරියන් වී නිදිය.වටෙන් පිටෙන් ගග, වතුර,පාරවල් යටවෙලා,යන්න බෑ,රස්සාවට යන්න වෙන් නෑ,වාගේ කථා ලාවට ලාවට ඇහෙද්දී මමත් විපරමක් දැමීමි.
වෙලේ හංදිය හොදටම යටවීය.143 පාරේ බස් වැඩ නැතිය(ලෝ ලෙවල්)රටම ගං වතුරෙන් නාය යෑමෙන් ද කාලගුණයෙන් දිනෙන් දින අඩුවෙනවායි කියනමුත් වැඩිවෙන වර්ෂාවෙන්ද ටී වී එකේ පෙන්වන සුලි සුලි සුදුපාට පීඩන අවපාතද මොකක්දෝ එක්කින් වෙලී ඇත.

අයියාගේ නිවස ගල් කන්දක් පාමුල උස් බිමකය. එනිසා ගං වතුරට සෘජුව යට නොවුනත් ජීවන වැඩපිලිවෙල එහෙම්ම නැවතිනි. අයියාටත් මටත් තිබුන එකම. රාජකාරිය බයික් එකෙන් වටේ ගොස් වතුර වැඩිතැන් සහ යට උනු ගෙවල් වල මිනිසුන්ගේ සුව දුක් සහ උනුන්ගේ ගෙවල්වල බඩු අදින්නට සහය වන්නටය. අප නිවස යට නොවුනද එතනම ගෙවල් දෙකක් යටින් වූ පාරද වෑවල හංදිය. බෝමිරිය,නවගමුව,කැකිරිවල, නාගහවත්ත පාර, සූදවිලද යටවීය.(මේ කියූ සමහර නම් උච්චාරණය වැරදි විය හැක)
එතන උඩයට සහ වටේම මා නෑදෑ පිරිවර විය. ලොක්කයියා සහ ජෑන්ත අයියලා ,පොඩි ශාන්ත අයියලා රටේ හැම තැනටම සහනාධාර දෙනවායි කියූවත් මෙහෙට නැති නිසා එක් විය. ගමම එක් වී ගමට සහ නවගමුව දෙසටම කල හැකි සියල්ල කරන්න එක්වීමු. 



පොලීසියෙන් හම්බුන කුඩා බෝට්ටුව යට උනු අයට ආහාර දෙන්නට අප යොදාගත් අතර,කෙසෙල් බඩ සහ ප්ලාස්ටික් බූලි ගමේ පොඩි එකාලායේ සහ කොල්ලන්ගේ ඔරු පාරු උපකරණ විය. අපි ඉවුවෙමු බෙදුවෙමු.
ෆේස් බුක් එකේ බාලා අයියා දැමූ පෝස්ට් එකකට රිප්ලයි දැමුවත් ගමේ වූ වැඩ නිසා ඒ රිප්ලයි එකට දැමූ රිප්ලයි එකට රිප්ලයි කරන්න බැරි විය. ඔවුන් ඇසුවේ ආධාර ගැනය. ඇසුවාටද පින්‍ ය. 



සිකුරාදා දිනයේ වතුර මට්ටම අඩු වී තිබුන නිසාත් මහා වැඩගොඩක් හිර වී තිබූ නිසාත් මට අම්බානක ගෙදර පැනීමේ උවමනාවක් විය. එය තේරුම් ගත් ඉසංක අයියා කෙසේ හෝ අළුත් පාරට මා දමා ගෙදර ඒමට ඉඩ සැලැස්වීය. නුවරට පැමිණ පුංචිලායේ දිහා වෙසක් ගත කල මා සදුදා බදුල්ලට අවෙමි.
වතුර බැස ඇත. සමහර තැන් තාම එහෙමයි. ඒ මං ඊයේ(සදුදා) ගෙදරවිත් ගත් කල ඇසුනු දේය.


ගංවතුර දුන්නේ මරුම අත්දැකීමකි. යට උණු පිරිස්ට එය කරුම අත්දැකීමක් උනු බැව් කදුළු වලින්ම දුටිමි. මිනිසුන් එක් වී කල උපකාර වලට තුති. ෆේස් බුක් එකෙන් කරනුයේද වටිනා වැඩකි.
කෑම බීම යහමින් හම්බෙන බැව් දුටිමි. ඒ අස්සේ ගංවතුර බැලීමට ආ කෲ කැබ් ලොරි පිටිං වූ මිනිසුන් අර අසරණ මිනිසුන්ගේ බත් පතට ,කොෆී කෝප්පෙට යසේට වග කියනු ද දුටිමි. අර කුඩා බෝට්ටුවෙන් ගොස් කිලෝ මීටර ගාණක් රැයක් දවාලක් නැතිව බත් බෙදූ ලොක්කයියාට එක බත් එකක එලවළුවක් පිලිණු වූවායි කියා ගුටි කෙලි සැටිද ඇසීමි. බෝක්කු කටෙන් ගිලී ගිය කෙල්ලන් තිදෙනෙක් හේමපාල විසින් බේරාගත් අයුරු දුටිමි. වතුර අස්සේද කසිප්පු ශොට් එකක් දැමූ පොරවල් වතුරෙන් ගත් ගොං ආතල්ද දුටිමි. අප වටපිටාව යට වුනු බැවු ටී වී ඩ්‍රෝන් යාත්‍රා වීඩියෝ වලින් හොදටම දුටීමි.
එය මහත් වූ අත්දැකීමක් වන්නේ මා කන්ද උඩරට වෙල්ලස්සේ නාය යෑම් කලාපේක එකෙකු වී නිසායි ද සිතේ. 



ෆොටෝ ටික නම් ඔය මුල් දවස් වල එහෙන් මෙහෙන් ගහපුවාය, පස්සේ පස්සේ ගෙදර එන සිහිය මිස ෆොටෝ ගහන සිහියක් තිබුනේ නැත 









හිරු ගේ ධාතු පෙන්වීම නොහොත් බදුල්ලේ ශාක්‍ය සිංහ මංගල්‍යය| Hiru Shakyashinha Mangalyaya

මුතියංගන රජ මහා වෙහෙර වහන්සේ 
එය ශාක්‍ය සිංහ මංගල්‍යය විය

දිගයි. පුළුවන්නම් කියවන්න.මුල මේ මගේ කථාව සේ හිතෙනු ඇත. අග දී ඔබේද කථාව වනු ඇත.

ඒ ගිය ශනිදාවයි (2016 මැයි 21) . බලන්න මුතියංගනය පෙන්නනවා, මා හිටියේ පුංචිලායේ දිහාය. පෙර ගම්පොළ සිටි ඔවුන් දැන් පදිංචිය පේරාදෙණියේ උවද වෙසක් බලන්න යන්නේ තවමත් ගම්පොළම විය. මා ද පහන් රෙෂාන් මල්ලිලා දෙපළද පන්සල් ගොස් ගම්පොළ පරණ නිවසට පැමිණෙන විට හිරු 9.30 ප්‍රවෘත්ති ආරම්භ වූවා පමණි. 

රිදී ජුබිලිය| 25th anniversary

මගෙන් එයාලට 
2016 ජුලි 4
අවුරුදු 25ක්
ලේසි වැඩක්‍ යැ.
ආදර්ශමත් හොද ජෝඩුවක්
පුතා නිසා කියනවා නෙවේ, ඔබත් එහෙම කියයි ඒ දෙන්නව දන්නවා නම්.
1991 මේ වගේ දවසක ජෝඩුවක් වෙලා තියෙන්නේ
මම එන්නේ 92' මල්ලි බඩත්පිහගෙනම ආවනේ 95'. ඒ තමා අපේ පුංචි පවුල.
මේ දෙන්නගේ ලෝකේ ඒක කියලා කටින් නොකීවට මම දන්නවා ඒක එහෙමයි කියලා.
ඔය කාලේ දුක වැටීම් ගොඩක් වෙන්න ඇති.

Monday, February 2, 2015

ගිණි පෙට්ටිය | matches box

විදුලි පංකාවේ සීතල වැඩි බවක් ඇගට දැනුනු හෙයින් එය මදක් අඩු කිරීමට අවදි වනවාත් සමගම නවාතැන් පොලේ දොරට සිහින් නාදයෙන් තට්ටු කරනවා ඇසුනෙමි. තිර රෙදි වලින් ආවරිත වී බැවින් කවුරුන් සිටීදැයි හරියටම නොපෙනුනත් උදෑසන හිරු එළිය වැටී කහපැහැති තිර රෙදි ද ආලෝක ගැන්වී තිබූ නිසා ඉන් පිටත් ලා අදුරු පැහැ මිනිස් ඡායාව අදුර ගැනීමට අපහසු නොවිණි. කෙනෙක් සිටිනවා යැයි පැවසිය හැකි මුත් ඒ ලා සෙවනැල්ල ඒ කවුදැයි කියා මටඅදහසක් නොදුන්නේ, උඹට ඕනේ නම් උඹ බලාගනින් කියනවාක් මෙන්ය.

Friday, January 31, 2014

මික්ස් දින සටහන | The memories


-------------------------------------------------------------------------------------
නිවාඩුව කියලා එකක් හම්බුනා උනාට ඒ නිවාඩු දීපු දවසේ හිතපු කිසි දෙයක් නොකර මේ ගත උන දවස් ටිකේ කරේ කාපු බීපු නිදා ගත්තු එක, අඩු වදියටත් එක්ක ෆේස් බුකි ගත නම් උනා...
කැම්පස් එකේ හිටිය හැම දවසෙම ගෙදර පැනපු මම කියන එකා ගැන උබලා දන්නවා ඇති. ඒත් මම අතීශයින්ම පැහැදිලිව ඒ ගැන කනගාටුවෙනවා දැන්. !! 
-----------------------------------------------------------------------------
අද මම බදුල්ල නගරේ කරක් ගහන්න ගියේ සති දෙකක් තිබ්බ උණ රෝගය හොදින්ම සුව අතට ආපු නිසා වීමත් මට කාමරයේ ජීවිතේ සුපිරිම අලසවීමත් නිසාමයි. 
---------------------------------------------------------------------------------
මන් ආශ්‍රය කරපු මගේ මිත්‍ර පරම්පරාව බහුතරයක් කැම්පස් වල නිසා ආශ්‍රය කරන්න එකෙක් වත් නැහැ . ඉන්න උන්ටත් හැමදාම කරදරේ මම ගිහින් කරදරයක් වෙන එක , ඒ නිසා මම කරේ තනියම දඩාවතේ ඇවිදපු එකයි.
------------------------------------------------------------------------------------
අමුතු හීතලත් අදුරු වටපිටවත් ඉදහිට වැටෙන වැස්සත් නිසා ගේ තුල පරිසරය මීට වඩා හොදයි හිතුනේ, අද සහ මේ දිනවල බදුල්ල නගරයේ කාලගුණය එතරම් සහනයක් නැති නිසා මාව තවත් කම්මැලි කරන නිසයි , ඒත් මම නගරයට ආපු එකේ මුතියංගනය රජ මහා වෙහෙරත් වැදගෙන ආවා...
නගරයේ හැම තැනම අර කිවුව පාලු කම්මැලි කම තිබ්බත් හැමදාම තිබුන නිස්කලංක බවත් එක්ක මද පින්නේ මුතියංගන බෝ පත් එදා වගේම හැමදාම වගේම අපේ සිත් සනසනවා 
----------------------------------------------------------------------------------
එද්දී එක පාරම මට මුණ ගැහුනා අපේ මලයාගේ පන්තියේ හිටිය එකෙක් , යන්නම් කියාගෙන යයි හිතුවත් "අම්මට සිරි අදුන ගන්න බැරි උනා " කියලා නතර වෙලා කතා කරපු එකාගේ සහෝදරත්වය මට මාර කික් එකක් දුන්නේ . මොක ද මම බොහොමයක් වෙලා ඒ අමුතුම හැගීමක තනි වෙලා හිමීට ඇවිදන් ආපු නිසා වෙන්න ඕනේ !
-------------------------------------------------------------------------------------
මචන් /මචියෝ එහෙම දැක්කම කතා කරපන් මාරම හැගීමක් එන්නේ, මුන්ට අපිව අමතක නෑ කියන හැගීම විදලම බලන්න ඕනේ එකක්,
---------------------------------------------------------------------------------------
මට තේරුණා අපි ගුරුවරයෙක් දැක්කොත් කතා කරන එකේ වැදගත්කම . ඇත්තටම ඒ කලේ කියද්දී තේරුනේ නිකන් අදහසක් විතරක් උනාට අද  එහෙම කතා කරන එකෙන් ඒ මිනිස්සුන්ට එන හැගීම මට නිකමට වගේ තේරුනා. ඇත්තටම එක ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඇති . මම නම් කොහොමත් ගුරුවරයෙක් දැක්කොත් වදිනවා , "හොද පුතෙක් " කියලා අහන්න මම හෙන අසයි බන් කොච්චර පිස්සු කෙලියත් . අනික වැඩිහිටියෙක් අපි ගැන යහපත් ආකල්පයක් ඇති කරගන්නවා කියන එක මාරම දෙයක් මට නම් !
මම එක්ක ඉන්න කොල්ලෝ සැට් එක උනත් අපේ වැඩිහිටියන් අතරේ පස්ට ආකල්පයක් තියලා තියෙන්නේ, අහ්හ් ඒ ළමයි ටිකනේ ! එයාලව විශ්වාසයි කියන තැන අපි හැමදාම ඉන්නවා . මොක ද විශ්වසේ කියන දේ හෙණම වැදගත් බන් . 
ඇත්තටම මම ලිපියක් ලියන්න හිතුවේ නෑ . දැන් මේක මගේ අතින් දිගට ලියාගෙන යන නිසා මම මේක මෙහෙමම ලිපියක් කරනවා .
-------------------------------------------------------------------------------------------
ලොකු අයියා ඇතුළු සෙට් එකේ මාර පුරුද්දක් තියෙනවා , ඒක ගොන් ආතල් එකක් වෙන්න ඇති , ඒත් 
මට දැනෙන විදිහට ඒක අපි කරපු පට්ටම වැඩක්.
අපි අපේ එකෙක් පාරකදී තොටකදී දැක්කොත් එහෙම්ම වදිනවා , නෙදකින් මුන් කියලා හිතයි , දකින දකින හැම එකාටම නෙවේ බන් අපේ උන්ට අපේ බොක්කේ ෆිට් වලට දවසක් හරි වැඩිමහල් නම් දඩාස් ගාලා වැඳ වැටෙනවා ...
ඒකයි අපේ පිළිගැනීමේ ක්‍රමවේදේ .. :)
ලොකු අයියා නම් හැම එකාටම වදිනවා මයි , මොකද ඌ තමා බාලම එකා 
ඉතින් මේ වදෙන් මම හිතන්නේ අපි අතරේ කිසි ඔය වෙනසක් තියෙන එක දේ පවා නැති වෙලා ගියා , ඉස්සර හෙණ පඩ දීපු එකා උනත් , එපා යකෝ කියපු එකා උනත් අද එහෙම නෑ , 
මම කියන්නේ උබලටත් වදින්න නෙවේ , මන් මගේ බ්ලොගෙන් කියන්නේ අපි ගැන නෙව , කවුරුවත් හදන්න මට පලුවන්ය !!
-----------------------------------------------------------------------------------
අපිට අපේ කොල්ලෙක්ට එහෙම වැඩ ගන්න පුළුවන් උන නිසා ඕනෙම හා ජරාවක් ගාවදි අපි අපේ ගුරුවරුන්ටත් වදිනවා, එක නිකන් නොර්මල් වැඩක් , මම කියන්නේ වැඩපන් කියන එක නම් නෙවේ , ඕක ඉතින් හැමදාම හැම එකාම කියන දේනේ , උපදෙස් දෙන එක!!
නෑ බන් එකෙන් මර හයියක් එනවා , මාර සෙනහසක් එනවා , අපේ මලයා අද ජීවතුන් අතර නැති උනත් විභාගෙකට යද්දී මට වැඳලා ගියා , මට ඒ වෙලේ දැනුනේ ඇහැ බොඳ උන එක විතරයි 
මිනිස්සු අපිට වඩා වැඩිමහල්නම් , අපි ගරු කරන්න ඕනේ , අනිවාර්යෙන් කරන්නම ඕනේ , ඒකට ආගම ජාතිය බාධාවක් නම් වෙන්නේ නෑ කොහොමත් , ඒක කරන්න ඕනේ කියන දේ හොදටම තේරෙන්නේ ඒක විදපුවමයි 
-------------------------------------------------------------------------------------------------
ඒත් මම ගරු කරනවා මිසක් කවදා වත් හැම එකා ගාවම කිසි දේකට චොර වෙන්න වැඳ වැටෙන්නෙත් නෑ 
" මම හිස නමන්නේ හාමුදුරුවොන්ටයි , අම්මට තාත්තටයි , වැඩිමහල් වැදගත් මිනිහෙක්ටයි , මගේ කොන්ඩේ කපන බාබර් ට විතරයි "
ඉස්සලා වැඩිමහල්නම් , කියපු මම වැඩිමහල් වැදගත් කියන එකක් දැම්මේ ඇයි කියන එක ඔබම තීරණය කරන්න , 
හම්මෝ කියන්න ආපු දේ හැගීම් වැඩි වෙලා තව අඩුම කුඩුම ගොඩක් එක්ක මික්ස් උනාද කොහේ ද 
කමක් නෑ ...ඔන්න ඉන්කා වරුන් කියනවා වගේ ....කියන්න තියෙන ඔක්කොම මන් කිවුවා , දැන් අවසරයි !!! ( ඉන්කා වරු එහෙම කියනවා කියලා ඇලන් ක්වාර්ටමන් තමා කිවුවේ )