කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Wednesday, December 19, 2012

එදවස සොයුරු පෙමම ද තිබුනේ අපි අතර?

පුංචි කාලේ මමත් එක්ක හිටිය එකී...
පෙර පාසලේ මගේ මනමාලි ඒකි...
ලොකු ළමයෙක් උනාලු දැන් ඒකී...
මම එළියේ...නංගි ඇතුලේ...

(ජනේලෙන් පිටත සහ ඇතුල)

"නංගි ඔයා දැන් ගොඩක් ලොකු ද? උසද? "
"එහෙම නෑ අයියේ.."
"එහෙනං මොකද ඇතුලේ?කම්මැලි නෑ ද?"
"කම්මැලියි... දන්නේ නෑ...පිරිමි අය දකින්න හොද නෑලු ...තාත්තවත් බලන්නේ නෑ..සිරිත්ලු"
"හ්ම්ම්."

නංගියේ ඩිංගක් ජනේලය අරිනවා ද 
ඔය සුදු මුණ දැක ගන්න ට ඕනේ මට 
අම්මා දැක්කොත් අයියේ අපිට 
සිදුවෙනවා අයියේ බැනුමක් අහගන්න 

ඇහුවත් බැනුමක් මට නම් නැත කාරී
නොදක ඉන්න බෑ මට නුබගේ නාරි
මටත් ඉන්න බෑ අයියේ නුබ නොදක 
එහනම් අයියේ අරිනවා මම ජනේලය

අතීතයේ දිනකදී උන දෙයකි එය
එක දවසක් නොදැක ඉන්නට බැරි උන මුහුණ
නැගණියේ ඔබ යනවා අද යන්නට දිග 
එදවස සොයුරු පෙමම ද තිබුනේ අපි අතර?

මට මේ සිතුවිල්ල ආවේ  නිර්මාණරතියේ  ආර්ටිකලයක් දැකල. මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුළුවන් ඔයාලට නිර්මාණරති ආර්ටිකලය 

9 comments:

  1. හිමිකම් සැලකීමට තරම් කාරුණික වීම ගැන අගය කරමි..
    තවත් සිත්ගන්නා සුළු ගෙටවිමකි..

    ReplyDelete
  2. කාමරේදී ගෙටවිමට, කාමරගතවිම කියමු. :)
    ඔබේ නිර්මාණය මගේ නිර්මාණයට අදහසයි

    ReplyDelete
  3. හොඳ පොයින්ට් එකකට උඹ අතගහලා , නමුත් මචෝ මේ ටික තවත් සංවේදී විදිහට
    උඹට කියන්න තිබුණා සිව්පද විරිත පැත්තකට කරානම්.

    ReplyDelete
    Replies
    1. ජනකවියාගේ තිබ්බේ සිවුපද විරිත, උන්ගේ ලේ මස් ඇට නහර වලට වැදුන දේ හඩ ගාල කිවුවේ ඒකෙන්, සිවුපද විරිත සංවේදී හදවතක ආමන්ත්‍රණයක්, මෙතැනදී නං මතුවෙන්නේ මගේ කාව්‍යමය දුර්වලතාව සහ ඒකට තියෙන කෝඩු කාරකම.... මේ දේ කියපු මගේ සහෝදරයාට ස්තුතියි ගොඩක්, මේ කොමෙන්ට් මගේ ඉදිරිගමනට අත්වැලක්...ආයුබෝවන් ලොකු අයියාගේ කාමරයට

      Delete
  4. ඕක ගෑනුන්ගේ හැටි බං....වැඩක් නෑ කියලා....

    ReplyDelete
  5. ඔන්න මමත් ආව කාමරේ පැත්තට..
    ඔය කතන්දරේ නම් පොඩි එවුන්ට ඔය විදිහට දැනෙනවා ඇති.

    ReplyDelete
  6. එල...බ්ලොග් එකක් කියෙව්වේ කාලෙකින්...no time...:(

    ReplyDelete
    Replies
    1. ම්ම්...ඔව් අයියා....
      බොහොම ස්තුති කොමෙන්ටුවට

      Delete

අදහස් උදහස්