කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Sunday, January 27, 2013

කෝලංකාවේ ජාතික ගීය re-mix





අංජන කෝලිය රණතුංග ලියයි.

ඔන්න අලුත් මාතෘකාවක් ඇදගෙන... ජාතික ගීය RE-MIX කරනව කියන්නෙ ෆේස් බුකියෙ ඉන්න මහ ලොකු ජාතික වීරයො ටික....... ආයෙ ඉතින් සෙල්ලම් නෑ. සිංහල ලේ තියෙන සිංහල බෞද්ධයො මෙහෙම කියන්නෙ හොඳේ...  අපිනම් නෙවෙයි... මොනා උනත් "ජාතික ගීය වෙනස් කරනවට මම විරුද්ධයි" කියලා කෑ මොර දෙන සිංහල ලේ තියෙන වීර සිංහල බෞද්ධ ඇත්තො
ෂෙයාර් කරන පොස්ට් වල හාල්පරු මූනකට ජාතික කොඩිය දාලා ජාතික කොඩියට කරන අපහාසය තමයි වාවන්න බැරි අම්මපා....

බයෙත් බැහැ මටනම්... කස්ටිය ෂු ... ගාලා පෝස්ට් ලියනවා, ෂෙයාර් කරනවා ටැග් කරනවා. ජාතික ගීය රැක ගන්ට පෙරට වරෙව් ලු. (දැන් ඒක විතරයි නෙ ඉතිරි වෙලා තියෙන්නෙ රැක ගන්න.)  

අප්පට උඩු. මේක ලියද්දිත් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා මාව. කොයි වෙලාවෙ දෙශප්‍රේමි දේශමාමක හුදී ජනයෙක් ඇවිත් මට කොටයි ද දන්නෙ නෑ. 
මොකද මම ඉන්නෙ මේ ජාතික ගීය වෙනස් කරන්න ඕනි කියන ස්ථාවරයෙ... 


නිර්මාණයක් සහ ගුණාත්මක නිර්මාණයක් කියන්නෙ දෙකක්... 
දැන් තියෙන ජාතික ගීයෙ මෙලෝ රහක් නැහැ මටනම්. 

බලන්නකො. 


"ඔබ වේ අප විද්‍යා,
 ඔබමය අප සත්‍යා, 
ඔබ වේ අප ශක්ති, 
අප හද තුල භක්තී... " 


හරිම ප්‍රාථමිකයි නෙ. එළිසමය යෙදිය යුතුමයි කියන අදහසින් මෙය ලියපු වගක් පෙනී යනවා මට.... ඒ නිසා හරිම ප්‍රාථමික ගතියක් ගැබ් වෙලා තියෙනවා මේ වචන ඇතුලෙ.එකම අර්ථය තියෙන වැකියකට විද්‍යා, සත්‍යා, ශක්ති අනම් මනම් වචන ගැට ගහලා. මේ වචන ටික හොයන්න සෑහෙන්න
මහන්සි වෙලා තියෙනවා වගේ.මෙතනදී නිකන් අර "කොහොම හරි කමක් නෑ,සින්දුවක් අමුණ ගත්තනම් ඇති මට" කියන අදහසින් මේ ගීය ලිව්වා කියලයි මට හිතෙන්නෙ. 


" ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රානේ "

කොටස තුල එළිවැට යොදාගන්න වචනයක් නැතුව සෑහෙන්න දුකක් විඳපු බවක් පේනවා. 
අපරාදෙ එතනටත් එහෙම නැත්තන් "ඉන්දියන් සාගරේ මුං ඇටය නේ,අපගේ අනේ දෙයියනේ" වගේ කෑල්ලක් දා ගත්තනම් ගොඩ නේ... 
එළිවැට නෙ ඕනි කොහොම හරි.

"භානුමතියි සුමනයි සඳරේඛයි
දිය ගෙන යන්නට එන ළිඳ මේකයි
(තුන් වෙනි පද පේළිය අමතකයි)
මේ ළිඳ ළඟ නිතරම අවිවේකයි"

මේක ඊට වඩා ටිකක්  advanced කියල දැනෙන්නැද්ද???

මාත් 6 වසරෙ සංගීත පේපර් එකට ඔහොම කවියක් හදලා ලියන්න කියල තිබ්බම මේ වගේ වැඩක් කරා මතකයි. ඔන්න අළුත්  අවුරුද්ද ගැන කවියක් හදන්න කියල තිබ්බා.
මට එක පාරට අයිඩියා එකක් ආවෙම නැහැනෙ. මම ඕක පස්සෙ ලියන්නම් කියල අන්තිම වෙනකන් තියන් හිටිය. කාලය තව විනාඩි කීපයක් ඉතිරි වෙලා තියෙද්දී මම
වැඩේ පටන් ගත්තා. කොහොම හරි කවියක් ගැට ගහන්නත් එපැයි. අපරාදෙනෙ ලකුනු 5ක්. 
ඔන්න මම පටන් ගත්තා

"සිංහල අවුරුද්ද සිංහල අවුරුද්ද
සිංහල අවුරුද්ද සිංහල අවුරුද්ද
සිංහල අවුරුද්ද සිංහල අවුරුද්ද
සිංහල අවුරුද්ද අපි කාගෙත් අවුරුද්ද"

කොහොම හරි සිව් පද ආරෙන් කවිය ලියා ගත්තා... හරිනෙ වැඩේ. ඒත් ලකුණු දෙන වැඩේ ටීචර් ට බාරයි ඔන්න. ලකුණු කීයක් හම්බුණා කියලද හිතන්නෙ? හරි. ඒවයෙන් 
වැඩක් නෑ. මතෘකාව ජාතික ගීය re-mix.

ජාතික ගීය උනාම මීට වඩා අර්ථවත්, දේශාභිමානි බවින් පිරුණු,හැඟීම්බර වෙන්න ඕනි කියලයි මම කියන්නෙ.එදා ලංකාවේ ජාතික ගීය හැටියට ආනන්ද සමරකෝන්මහත්තයගෙ මේ ගීය වගේම අමරදේවයන්ගේ "රත්න දීප ජන්ම භූමි" කියන වඩාත් අර්තාන්විත, දේශාභිමානි, හිතට ඇඟට වදින, අපේ භාෂාවෙන් නම් බොක්කටම වදින ගීතයත් යෝජනා වෙලා තියෙනවා... ඒත් එදා ලංකාවෙ තිබුණ දේශපාලන පසුබිම, එහෙමත් නැතිනම් විවිධ දේශපාලන බලපෑම් නිසා එවකට ටී.බී.ඉලංගරත්න මහතා මූලිකව කටයුතු කරපු සංස්කෘතික අමාත්‍යංශයට සමරකෝන් මහත්තයගෙ මේ ශ්‍රී ලංකා මාතා ගීතය  ජාතික ගීය හැටියට නම් නොකර සිටීමේ නොහැකියාවක් ඇති වෙලා තියෙනවා...

හැබැයි අලුත් ජාතික ගීය හැටියට අමරදේවයන්ගේ "රත්න දීප ජන්ම භූමි" ගීය යොදා ගන්නවනම් මම එක පයින් විතරක් නෙවෙයි අත් දෙකම උස්සලා මගේ මනාපය ප්‍රකාශ කරනවා... 
රත්න දීප ජන්ම භූමි ඇහෙද්දි අමුතුම මෙව්වා එකක් එනවා... 

"රත්නදීප ජන්ම භූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි

මානික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

සින්දූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි..." 

බලන්නකො ඇඟට එන කික් එක. බොක්කටම වදිනව නෙ. දේශානුරාගයෙන්, දේශප්‍රේමයෙන් සිත පිනා යනවා. හද පත්ලෙන්ම රටට ජාතියට ආදරයක් ඇල්මක් එනවා.

"ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි..." බලන්නකො රට ජාතිය ගැන එන හැඟීම... 
මියුරු අඹයක රසය මෙතෙකැයි කියලා කටින් කියන්න බැහැනෙ. 
ඒක කාලම බලන්න ඕනි. ඒ වගේම මේ ගීයෙ රසය එය ශ්‍රවණය කිරීමෙන් ම ලබා ගන්න එක ඔබට බාරයි.

මොනා උනත් සුනිල් ආරියරත්නයන්,

"හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට"

කියලා කියන්නෙ නිකන් නෙවෙයි නෙ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී (වචනයට පමණක් සීමා වූ ) ජනරජයේ  ඕනිම දෙයක් අගය කිරීමට, හිතන්නට, ලියන්නට, කියන්නට, පවසන්නට, 
පමණක් නොව විවේචනාත්මක චින්තනයට මෙන්ම එය වචනයට නගන්නටත් නිදහස තියෙනවැයි කියනවනෙ.

අපි කොච්චර කෑ ගැහුවත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී (වචනයට පමණක් සීමා වූ ) ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවට අනූව ජාතික ගීය වෙනස් කරනවානම් තුනෙන් දෙක ඕනි පාර්ලිමේන්තුවෙ. 
ඒ විතරක් මදි. ජන මත විචාරණයකුත් ඕනි. හැබැයි මෑතකදි ඔය මොකුත් නැතුව හිතුමනාපෙට ඕනැ එපා කම් වෙනස් කර ගත්තා නෙ. කමක් නෑ. ජාතික ගීය වෙනස් කරනවනම් මෙන්න ගීය. 
"අමරදේවයන්ගේ, රත්න දීප ජන්ම භූමි". එච්චරයි. ස්තූතියි. 

එහෙමනම් ඉතින් ඔන්න මාත් විවේචනයක් කරා. යෝජනාවකුත් කරා. මගේ මේ මෙව්ව එක කියවීම, කියවලත් කියෙව්වෙ නෑ වගේ සිටීම, වගේම විවේචනය කිරීමටත් ඔබට නිදහස තියෙනවා. එය ඔබට භාරයි.


5 comments:

  1. budu ammo loku ayyata giya kala....

    ReplyDelete
  2. බලපන්කො මටත් බස්සගේ කවිය මතක් වෙන්නේ නැහැනේ..උබට අමතක පදේ..

    ReplyDelete
    Replies
    1. සක්කර වට්ටම් මල කෙලියන් කීවලු ඔඕයි...:)
      මෙච්චර මේ අහලා අහලාත් බලපන්කො මතක නැති හැටියක් අපිට !

      Delete
  3. හෙන ගහන්ඩ ඒකම අමතක උනානෙ... ගිය සතියෙත් මතක තිබ්බා වගෙ මතකයි...

    ReplyDelete
    Replies
    1. අහගන්නවත් එතුමා දැන් අපේ ස්කොලෙත් නැහැලුනේ

      Delete

අදහස් උදහස්