කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Thursday, January 31, 2013

අත් ලේ !


මට ඕනේ කමක් තිබ්බේ නෑ ඔහේට රිද්දන්න .....
හිතුවිල්ලක් වත් අඩුම ගානේ....
තී මට ලංවෙලා රිද්දල මගේ සාරය ගත්තට මගේ තරහක් නෑ...
කොහොමත් දෙන්නගෙම එකම ලේ....
එහෙවු තියෙද්දීත් තී ,
කන ගාව...
කුඋං කුඋං ගාපු නිසයි, මගේ ලේ
මගේ අල්ලේ තියෙන්නේ මේ! 

අයියාගේ දිනපොත 2012.12.14 

10 comments:

  1. Replies
    1. :) බොහොම ඉස්තුතියෝ ! පසුව ලියමි : මදුරියන්ට පුරුදු කරමු මල් පැණි බොන්න !

      Delete
  2. සහතික ඇත්ත.මිනිස් ලේ තියෙන එකම සතා මදුරුවා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...ඒත් මේකනේ සීන් එක , ඔය මදුරුවා නෙවේලු මිනිස් ලේ බොන්නේ, මදුරිනේ, මදුරුවා නං අනේ ඉතින් දෙයියනේ කියලා ගහක යුෂ මොකක් හරි බීල ඉන්නවයි කියන්නේ !

      Delete
  3. මරු කයිය.. මදුරුවා විදින්න කලින් කණ ළඟ කැරකෙන්නේ අපිව කේන්ති ගස්සලා අපේ ලේ ටිකක් රත් කර ගන්නලු.

    ReplyDelete
    Replies
    1. අහා... :) එහෙනං මදුරුවා බොන්නෙත් උණු කර නිවාගත් ලේ....

      Delete
  4. අනිච්චං.....:D
    කියවලා බැලින්නම් මැදිරියෙක් නේ....

    ReplyDelete
  5. පවු බං මදුරු මලයා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මලයා නෙවේ රජෙ ..නගා
      ආයුබෝවන් කාමරේට...බොහොම තුති කොමෙන්ටුවට

      Delete

අදහස් උදහස්