![]() |
මෙය ද මාගේ සොදුරියගේ නිර්මාණයක් |
ආයුබෝවන්ඩ , බොහෝ කාලෙකින් , ඊයේ එයයි මමයි මොකක්දෝ පටලැවිල්ලක් දා ගත්තා , මම නිදියනවා යැයි කියපු මම නිදියගෙන අද ඇහැරිලා බලද්දී මෙන්න මේ මැසේජ් එක විතරක් තිබුනා !! ලොකු අක්කගේ නිර්මාණය ක් විය යුතුයි සිතා මම මේක මගේ බ්ලොග් පිට්ටේ අලවනවා, මොකද මගේ ආදරවන්තිය නිර්මාණශීලී වෙච්චි එක ගැන මම මේ හරි ආඩම්බරයෙන් ඉන්නේ !
උදේ වෙනකොට ,
රෑ තිබුණු කළුවර...
අමතක වෙනවා
ඒත්
ආයිත් රෑ නොවී තියෙයි ද ?
හොයාගෙන එනකොට ,
තනිකරලා ගිය හැටි...
අමතක වෙනවා
ඒත්
ආයිත් තනි නොකරයිද ?
ආදරෙයි කිවුවම,
එපා කිවුවේ ඇයි ...
අමතක වෙනවා
ඒත්
ආයිත් එපා නොකියයිද ?
ඒ වගේ...
හිතට දැනෙනකොට
මට මාවත්
අමතක වෙන
ඒත්
කොයි වෙලේ
නැති වෙයිද මුළු හිතටම වද දෙන ,
අමුතුම දෙයක්, මට දැනෙන මේ ආදරේ ....!!
ඔය උඩ තියෙන චිත්රයත් ඇගේම නිර්මාණයක් !!!