කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Wednesday, July 20, 2016

රිදී ජුබිලිය| 25th anniversary

මගෙන් එයාලට 
2016 ජුලි 4
අවුරුදු 25ක්
ලේසි වැඩක්‍ යැ.
ආදර්ශමත් හොද ජෝඩුවක්
පුතා නිසා කියනවා නෙවේ, ඔබත් එහෙම කියයි ඒ දෙන්නව දන්නවා නම්.
1991 මේ වගේ දවසක ජෝඩුවක් වෙලා තියෙන්නේ
මම එන්නේ 92' මල්ලි බඩත්පිහගෙනම ආවනේ 95'. ඒ තමා අපේ පුංචි පවුල.
මේ දෙන්නගේ ලෝකේ ඒක කියලා කටින් නොකීවට මම දන්නවා ඒක එහෙමයි කියලා.
ඔය කාලේ දුක වැටීම් ගොඩක් වෙන්න ඇති.

මට ඒවා මෙහෙමයි කියන්න මතක නෑඋනත් සමහර දේවල් හිතද්දි දුක සතුට හැමදේම පිරිච්ච ලෝකයක් ඒ දෙන්නට තිබුන බව තේරෙනවා. අනික මේ පොඩි දෙන්නට ඒ දේවල් කිසි දෙයක් නොදැනෙන්න හදාපු බව කොහොමත් කියන්න ඕනේ,ඒකත් මට එහෙම සිද්දි ගැන මතකයක් නැති කරලා ඇති.
දවසක මමත් තාත්තා වගේ වෙනවා හිතන්න හොද ගැම්මක් දෙන හැකියාවක් සහ දැනුම් සම්භාරයක් තාත්තා සතුයි.

අපේ යාළු මිත්‍රාදින්ගෙත් විටෙක අම්මෙක් තාත්තෙක් උනු හිතේෂියන් දෙන්නෙක් කියලා උඹලාම සාක්ශි දරාවි.
මං කිව්ව ඒ ජීවිතේ ලොකුම වැටීම, උනු කාර් එක ත්‍රී වීල් එකක් වෙච්ච (සචින් උපේක්ෂ) මල්ලි අවුරුදු 16න් ගෙදරින් නෙවේ ලෝකෙන්ම 2011 දි ගිය සිද්දිය ලොකු කම්පනයක් උනු දෙයක් තමයි. ඒත් සහෝදරයා කොහේ හරි ඉදන් බලාගෙන ඇති. අපි ඉන්නේ ඒ විශ්වාසෙන්. දැන් ඒ දෙන්නගේ ඇස් දෙක මම.
අම්මා තාත්තාව හොදින් බලාගන්න ඒ මම කියන චරිතෙට හොද විශ්වාසයක් ති‍යෙන බව කියන්නම ඕනි.

මේ 25 වෙනි අවුරුද්ද වෙච්චි දවස සමරන්නත් එපෑය.

ඉතිං අපි කරේ ඒක සමරන්නත් මල්ලිට පිංසිද්ද වෙන්නත් කියලා රිල්පොල ඩිස්පෙන්සරියට රෝද පුටුවක් අරං දීපු එක
ඩොක්ටර්ස්ලා නම් අද ඉස්ට්‍රයික් තමයි
මේ රෝහලේ(ඩිස්පැන්සරියේ) දොස්තර අපේ තුෂාර අයියා. මේ තැන ගොඩක් පිලිවෙලට හදන්න කැප වෙච්ච දොස්තර කෙනෙක් තමා අයියා. කරලා තියෙන වැඩ පේන්නම තියෙනවා. ඔබ මීට කලිං මේ පොඩි රෝහලට ගිහිං තියෙනවා නම් දැන් ගියොත් වෙනසක් තියෙයි. පිලිවෙලක් තියෙයි. 

පස්සේ මුතියංගනේ වැදගෙනම අපි ගෙදර ආවා. මේ දවසේ උදේවරුව ඔහොමයි ගත උනේ.හවස් වරුවේ කොහෙන්දෝ  හම්බුන කොස් හැලියක්ම තම්බාගෙන  හොද කට්ට සම්බලේකුත් එක්ක කන්න හම්බුනා. වෙන මොන පාර්ටිද කොස් තියෙද්දී.

මෙන්න මතකෙට ඉතුරු කරගත්තු ෆොටෝ ටිකක්:
මෙන්න  දුන්න රෝද පුටුව 

අම්මයි,තාත්තයි, මධ්‍යම බෙහෙත් ශාලාවයි 

අම්මයි තාත්තයි 

තුෂාර දොස්තර මහත්තයා 

බෝර්ඩ් එක 


No comments:

Post a Comment

අදහස් උදහස්