කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Monday, February 2, 2015

ගිණි පෙට්ටිය | matches box

විදුලි පංකාවේ සීතල වැඩි බවක් ඇගට දැනුනු හෙයින් එය මදක් අඩු කිරීමට අවදි වනවාත් සමගම නවාතැන් පොලේ දොරට සිහින් නාදයෙන් තට්ටු කරනවා ඇසුනෙමි. තිර රෙදි වලින් ආවරිත වී බැවින් කවුරුන් සිටීදැයි හරියටම නොපෙනුනත් උදෑසන හිරු එළිය වැටී කහපැහැති තිර රෙදි ද ආලෝක ගැන්වී තිබූ නිසා ඉන් පිටත් ලා අදුරු පැහැ මිනිස් ඡායාව අදුර ගැනීමට අපහසු නොවිණි. කෙනෙක් සිටිනවා යැයි පැවසිය හැකි මුත් ඒ ලා සෙවනැල්ල ඒ කවුදැයි කියා මටඅදහසක් නොදුන්නේ, උඹට ඕනේ නම් උඹ බලාගනින් කියනවාක් මෙන්ය.
කඩිනමින් යතුර සොයා ගිය මා දොර ඇරීමට ප්‍රථමයෙන් දොර රෙද්ද මෑත් කර බැලුවෙමි. ඔහු මා මිත්‍රයෙකි, බරටම වූ මළු තොගය ඔහු කොහේ හෝ යනවා හෝ කොහේ හෝ ගොස් එනවා යැයි මට විනිශ්චයක් දුන්නේය. තිර රෙදි වලින් වැසුණු ඇතුලට නොදැනෙන නොපෙනෙන , තද හිරු එළියක් වැටෙන බැව් පෙනෙන්නට තිබුණි. 
.....................................................
අයියේ...
මචං මේ ගිණි පෙට්ටියක් නෑද??
උදේම පෙනහළු පුරවන්නද මේ!! ?? ගිනි පෙට්ටියක් නෑනේ අයියා!
අර මචං ගාවත් නෑ ද??
ඔහු ඇසුවේ තවමත් නින්දේ පසුවන මා කාමර සගයා දෙස පෙන්නාය.
නෑනේ !!
ම්ම් හ්ම්ම් හරි මචං මං මේ ගෙදර යන්න කියලා,
අපිත් හෙට අනිද්දා යනවා, දැන් මේ මට එක්සෑම් ඉවර වෙලත් සති දෙක්කට කිට්ටු වෙනවා!!
හරි බස් එකක් එනවා අපි ගියා, ඔහු ඈත කෙලවර දිහා විමසිලිවත්ව බලන අතර පැවසුවේය. 

.............................................
කවුද බං ආවේ? තවමත් භාගෙට නින්දේ පසුවන මා මිත්‍රයා කෙදිරියකින් මෙන් ඈනුමක් ද ඇර විමසීය. අර මචං අයියා බං!!
මොකට ද?
ගිනි පෙට්ටියක් ඉල්ලගෙන,
දුන්න ද??
නෑ බං මං නෑ කිවුවා, උදේම සිගරට් බොන්න යන්නේ මෝඩයා.
ඉතින් තොට *ක ද , දැන් උඹ ඕක දුන්නේ නෑ කියලා මිනිහා නතර කරයි හිතෙනවද!?? කියා මිත්‍රයා අනිත් පැත්තට හැරී නිදන්නට විය.
මචං අයියා අඩි පහයි අගල් හතරක පමණැති සිහින් සිරුරක් ඇත්තෙකි. නිතර දුම පෙනහළු ඇසුරු කරන බැව් ඔහුගේ කළු පැහැ දෙතොල් නොසගවන්නේය. සිනාසෙන දෑසක් හෙබි ඔහු මුහුණේ සිහින් කුලුපග සිනාව හැමදාමත් එසේමය. හෙතම අසල නවාතැනක නැවතී සිටින අතර අද සිකුරාදා ඔහු කට්ටුව දිහා වූ ඔහුගේ නිවසට යනවා විය යුතුය. නිතර නොයන නිසා අර තරම් බෑග් මළු ඇරගෙන යනවා විය යුතුය. හෙතම අසල වූ රෑ කඩයේ තේ සාදන්නේය. නිතර යන එන අප ඔහුවද ඔහු අපවද හදුනාගන්නේය. මචං , හෝ මචං මල්ලී ඔහු අප අමතන හැටිය.
මචං අයියා නිශාචර ජීවියෙක් වන්නේ ඔහුගේ යටකී රැකියාව නිසාමය

......................................................
දඩාං හඩ මා කල්පනා ලෝකයෙන් ද ඇද මතින්ද පහ කෙරුවේ සිතා ගත නොහැකි තරම් වේගයකිනි.
මචන් හැප්පුනා , අඩෝ වරෙං ආවයින් පස්සේ ඇක්සිඩන්ට් එකක් දැක්කේ නෑ කියා කුණු කෙළද පෙරා මා මිත්‍රයා දුවන්නට වීය. මා ද හනික බිම වැටී තිබූ මඩ පැහැ වූ කොළ පැහැති කමිසය ඇගලමින් දුවන්නට වීමි.
දුවනා ගමන්ම පාර දෙස බැලූ මට දැනටමත් සෙනග රොක් වී ඇති බැව් පෙනුනි.
මොකක් ද වෙලා තියෙන්නේ?? මා එය අසන ගමන් සෙනග අතරින් බැලීමට උත්සාහ කලෙමි. අසල ලොරියක් කණුවක වැදී තිබුණමුත් සෙනග නම් ඒ වටා රොක් වී සිටියේ නැත. පොලීසිය අල්ලපු වැටේ නිසා ඔහුන්ද පැමිණ ඇත. සෙනග හසුරවා ඉඩ සාදන්නට ඔහුන් උත්සාහ ගන්නෝය. පාසල් දිනයක් බැවින් පාසල් බස් රියවල් පෝළිමට හිරවී සිටින්නේ නොරිස්සනා හැගීමකින් විය යුතුය.
ගිලන් රථය හඩ කා ගෙන පැමිනියේ හිරවුණු අනිත් වාහන පසු කරමින් ඉතා වේගයනි. දැන් මා ද තල්ලු වී සෙනග මැද්දේම වන්නට විය.
කවුරුන් හෝ ලේ ගගක් වී මැද සිටින්නේය. නමුත් නරඹන්නන්ගේත් පොලිසියේත් උද්‍යෝගය මගේ දර්ශනය අවුල් කර තිබුනි.
අතර පතර විසිරුනු බෑග් මළු තොගයත් පොඩිවූ අලු ඩෙනිමත් මුහුණ නොදැක්කත් මේ කවුදැයි මට නොසැගුවේය. මචං අයියා!!
උඹ කිවුවේ මිනිහා ගෙදර යනවා කියලානේ ?? මිතුරා කනට කර විමසීය.
ඉතින් ඔව් බං !
එහෙනම් බම්බුවට ද පාර පනින්න යන්නේ?? ඔහු නැවතත් ඇසුවේ පෙරට වඩා ශබ්දයෙනි.
එය අසල සිටි මිනිසාටද කන වැකුනු බැව් ඔහු උත්තර දීමෙන්ම පැහැදිලි වුණි. මිනිහා මීගමුවක් එනකන් තමා හිටියේ අර පාර එහා පැත්තේ සිල්ලර කඩේ ඇරිය දැක්ක ගමන් කගවේනා වගේ ආතක් පාතක් නැතුව පැන්නේ, එතනමයි, ශිස් ඕක තමා ජීවිතේ!
ගිලන් රථයට ඔහුගේ සිරුර පටවා ගත් නිසාත් දැන් සෙනගටද එතනම ඉද එපා වී ඇති නිසාත් අපට ඉදිරියටම යන්න හැකිවිනි. පොලිසිය චෝක් එකකින් ඔහු සිටි අයුරු සලකුණු කර ඇත. ඔහුගේ අත අසල වැටි තිබූනේ පත්තු නොකල අලුත් සිගරට්ටුවකි.

....................................
-ලොකු අයියා -
මේ සත්‍ය සිදුවිමක් නෙවෙයි හරිය!! wink emoticon

1 comment:

  1. අනේ පවු....ඇත්තම කතාවකදි නම් ගොඩක් පසුතැවෙනවා

    ReplyDelete

අදහස් උදහස්