කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Friday, January 24, 2014

ලොකු අයියාගේ තියරිය 1 | loku ayya's theorem 1

මා ලොකු අයියාගේ පොල්වත්තේ විශ්ව විද්‍යාලය දැයට තොප්පිය වැඩසටහන නිසා වසා දමා ඇත. ඉදින් මේ ලැබුණු නිවාඩුවේ ඔහු වෙහෙසෙන්නේ රටට සමාජයට දෙයක් ඉටු කිරීමටයි , එවන් විටෙක ඔහු අතින් මේ විසදුනේ අමුතුම ගණනකි . එය ඔහුටම පුදුමයක් නිසා අද කාමරයේ අලවන්නට ඔහු තීරණය කලෙමි


තියරි 1 .සෑම තනිකඩ එකෙකු පිටිපසම සෙට් කර ගත නොහැකි කෑල්ලක් සිටී !
තියරි 2. සෑම සාර්ථක මිනිසෙක් පිටිපසම  කාන්තාවක් සිටී

තියරි 1 = තියරි 2
 ( සම්මත උෂ්ණත්වයේදී සහ පීඩනය යටතේ ජීවත චක්‍රය බැවින් )

සෑම තනිකඩ එකෙකු පිටිපසම සෙට් කර ගත නොහැකි කෑල්ලක් සිටී = සෑම සාර්ථක මිනිසෙක් පිටිපසම  කාන්තාවක් සිටී

පොදු වචන කපා දැමීමෙන් ,

තනිකඩ එකෙකු.සෙට් කර ගත නොහැකි කෑල්ලක් =සාර්ථක මිනිසෙක්.කාන්තාවක් --- 1 

සෙට් කර ගත නොහැකි කෑල්ලක් = කාන්තාවක් = ස්ත්‍රිය --- *
{ ස්ත්‍රිය නම් සර්වත්‍ර කුලකයේ අවයව දෙකකි }

* ගෙන්  1 ට ,

තනිකඩ එකෙකු.ස්ත්‍රිය =සාර්ථක මිනිසෙක්.ස්ත්‍රිය

=>   තනිකඩ එකෙකු = සාර්ථක මිනිසෙක් 
       ======================== 
තියරිය එක කියා මෙය නම් කලද දෙවෙනි තියරියක් එයි යන්න ගැන මටම තව විශ්වාස නැත !!! පුහා 

2 comments:

අදහස් උදහස්