කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Wednesday, July 20, 2016

ගංවතුර සහ මම | Me & Flood

ගංවතුරට අසුවීමි

ඒ ගිය සතියේ ඉරිදාය.(2016 මැයි 14 සිට) කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කඩුවෙල,නවගමුවහි වෑවල ඉසංක අයියාගේ නිවසට ගියේ සුපුරුදු පරිදි එදින රාත්‍රිය ගත කර සදුදා උදයේම බදුල්ල කරා පැමිණීම උදෙසාය.
රාත්‍රියද පෙර දිනද අධික වර්ෂාවය.

" කඩුවෙල වෙලේ හංදියේ වතුර"ඒ මංජුලා අක්කාය.
මම දැන හිටි වෙලේ හංදියක්වත් වතුර ගැහිල්ලක් මහ කජ්ජක්දැයි සිතීමත් උදෑසන 9ට පමණ 143ක නගින්නට හේතු විය.

නවගමුවෙන් ඉහළ බෝමිරියට ආ බසය හිර වුනේ අධික තදබදේකටය.
පැයකි දෙකකි,ෆෝන් එකේ ගේම් ගසා 100% බැටරිය 15%ක් වී චාර්ජ් කරන්නැයි කියන කල්ම මට නම් ගාණක් නොවීය. එදා හාෆ් ඩේ දැමූ ඉසංක අයියා ගෙද‍රවිත් "බස් එකෙන් බහින්න මම ගන්න එන්නම්"කියන පමාවෙන් බසයෙන් බැසගත් මා කොයිකටත් මේ වෙලේ හංදිය බලලා එනවා සිතා පයින්ම ඉස්සරහට ගියෙමි.
එතැන එකම කෙලියකි, වාහන නැවතිලාය,ලොරි නිකන් රැවුල් හෝදනවා මෙන් විය. කැලණි ගග පැත්තකින් හෙන ලයින් එකක් දී උඩටම ඇවිත්‍ ය. මලාහ්: මා ගං වතුරකට හිර වීය!!
පයින්ම වෙලේ හංදියේ සිට නවගමුව රෝහල ලගට යද්දී ඉසංක අයියා පැමිනියේ මම පයින් එන බව දැන්වූයේ බෝමිරිය පාසල පසු කරද්දී නිසාය. බලංගොඩ අවිස්සාවේල්ල බස් පසු කර ගියද මා නෙවේ අතවත් දැම්මේ!පයින් ගමන ආතල්‍ ය.

වෙලේ හංදිය 

අගහරුවාදා, මා සුපුරුදු පරිදි මා හට දෙන කාමරයේ හතරරියන් දෙකතරියන් වී නිදිය.වටෙන් පිටෙන් ගග, වතුර,පාරවල් යටවෙලා,යන්න බෑ,රස්සාවට යන්න වෙන් නෑ,වාගේ කථා ලාවට ලාවට ඇහෙද්දී මමත් විපරමක් දැමීමි.
වෙලේ හංදිය හොදටම යටවීය.143 පාරේ බස් වැඩ නැතිය(ලෝ ලෙවල්)රටම ගං වතුරෙන් නාය යෑමෙන් ද කාලගුණයෙන් දිනෙන් දින අඩුවෙනවායි කියනමුත් වැඩිවෙන වර්ෂාවෙන්ද ටී වී එකේ පෙන්වන සුලි සුලි සුදුපාට පීඩන අවපාතද මොකක්දෝ එක්කින් වෙලී ඇත.

අයියාගේ නිවස ගල් කන්දක් පාමුල උස් බිමකය. එනිසා ගං වතුරට සෘජුව යට නොවුනත් ජීවන වැඩපිලිවෙල එහෙම්ම නැවතිනි. අයියාටත් මටත් තිබුන එකම. රාජකාරිය බයික් එකෙන් වටේ ගොස් වතුර වැඩිතැන් සහ යට උනු ගෙවල් වල මිනිසුන්ගේ සුව දුක් සහ උනුන්ගේ ගෙවල්වල බඩු අදින්නට සහය වන්නටය. අප නිවස යට නොවුනද එතනම ගෙවල් දෙකක් යටින් වූ පාරද වෑවල හංදිය. බෝමිරිය,නවගමුව,කැකිරිවල, නාගහවත්ත පාර, සූදවිලද යටවීය.(මේ කියූ සමහර නම් උච්චාරණය වැරදි විය හැක)
එතන උඩයට සහ වටේම මා නෑදෑ පිරිවර විය. ලොක්කයියා සහ ජෑන්ත අයියලා ,පොඩි ශාන්ත අයියලා රටේ හැම තැනටම සහනාධාර දෙනවායි කියූවත් මෙහෙට නැති නිසා එක් විය. ගමම එක් වී ගමට සහ නවගමුව දෙසටම කල හැකි සියල්ල කරන්න එක්වීමු. 



පොලීසියෙන් හම්බුන කුඩා බෝට්ටුව යට උනු අයට ආහාර දෙන්නට අප යොදාගත් අතර,කෙසෙල් බඩ සහ ප්ලාස්ටික් බූලි ගමේ පොඩි එකාලායේ සහ කොල්ලන්ගේ ඔරු පාරු උපකරණ විය. අපි ඉවුවෙමු බෙදුවෙමු.
ෆේස් බුක් එකේ බාලා අයියා දැමූ පෝස්ට් එකකට රිප්ලයි දැමුවත් ගමේ වූ වැඩ නිසා ඒ රිප්ලයි එකට දැමූ රිප්ලයි එකට රිප්ලයි කරන්න බැරි විය. ඔවුන් ඇසුවේ ආධාර ගැනය. ඇසුවාටද පින්‍ ය. 



සිකුරාදා දිනයේ වතුර මට්ටම අඩු වී තිබුන නිසාත් මහා වැඩගොඩක් හිර වී තිබූ නිසාත් මට අම්බානක ගෙදර පැනීමේ උවමනාවක් විය. එය තේරුම් ගත් ඉසංක අයියා කෙසේ හෝ අළුත් පාරට මා දමා ගෙදර ඒමට ඉඩ සැලැස්වීය. නුවරට පැමිණ පුංචිලායේ දිහා වෙසක් ගත කල මා සදුදා බදුල්ලට අවෙමි.
වතුර බැස ඇත. සමහර තැන් තාම එහෙමයි. ඒ මං ඊයේ(සදුදා) ගෙදරවිත් ගත් කල ඇසුනු දේය.


ගංවතුර දුන්නේ මරුම අත්දැකීමකි. යට උණු පිරිස්ට එය කරුම අත්දැකීමක් උනු බැව් කදුළු වලින්ම දුටිමි. මිනිසුන් එක් වී කල උපකාර වලට තුති. ෆේස් බුක් එකෙන් කරනුයේද වටිනා වැඩකි.
කෑම බීම යහමින් හම්බෙන බැව් දුටිමි. ඒ අස්සේ ගංවතුර බැලීමට ආ කෲ කැබ් ලොරි පිටිං වූ මිනිසුන් අර අසරණ මිනිසුන්ගේ බත් පතට ,කොෆී කෝප්පෙට යසේට වග කියනු ද දුටිමි. අර කුඩා බෝට්ටුවෙන් ගොස් කිලෝ මීටර ගාණක් රැයක් දවාලක් නැතිව බත් බෙදූ ලොක්කයියාට එක බත් එකක එලවළුවක් පිලිණු වූවායි කියා ගුටි කෙලි සැටිද ඇසීමි. බෝක්කු කටෙන් ගිලී ගිය කෙල්ලන් තිදෙනෙක් හේමපාල විසින් බේරාගත් අයුරු දුටිමි. වතුර අස්සේද කසිප්පු ශොට් එකක් දැමූ පොරවල් වතුරෙන් ගත් ගොං ආතල්ද දුටිමි. අප වටපිටාව යට වුනු බැවු ටී වී ඩ්‍රෝන් යාත්‍රා වීඩියෝ වලින් හොදටම දුටීමි.
එය මහත් වූ අත්දැකීමක් වන්නේ මා කන්ද උඩරට වෙල්ලස්සේ නාය යෑම් කලාපේක එකෙකු වී නිසායි ද සිතේ. 



ෆොටෝ ටික නම් ඔය මුල් දවස් වල එහෙන් මෙහෙන් ගහපුවාය, පස්සේ පස්සේ ගෙදර එන සිහිය මිස ෆොටෝ ගහන සිහියක් තිබුනේ නැත 









හිරු ගේ ධාතු පෙන්වීම නොහොත් බදුල්ලේ ශාක්‍ය සිංහ මංගල්‍යය| Hiru Shakyashinha Mangalyaya

මුතියංගන රජ මහා වෙහෙර වහන්සේ 
එය ශාක්‍ය සිංහ මංගල්‍යය විය

දිගයි. පුළුවන්නම් කියවන්න.මුල මේ මගේ කථාව සේ හිතෙනු ඇත. අග දී ඔබේද කථාව වනු ඇත.

ඒ ගිය ශනිදාවයි (2016 මැයි 21) . බලන්න මුතියංගනය පෙන්නනවා, මා හිටියේ පුංචිලායේ දිහාය. පෙර ගම්පොළ සිටි ඔවුන් දැන් පදිංචිය පේරාදෙණියේ උවද වෙසක් බලන්න යන්නේ තවමත් ගම්පොළම විය. මා ද පහන් රෙෂාන් මල්ලිලා දෙපළද පන්සල් ගොස් ගම්පොළ පරණ නිවසට පැමිණෙන විට හිරු 9.30 ප්‍රවෘත්ති ආරම්භ වූවා පමණි. 

රිදී ජුබිලිය| 25th anniversary

මගෙන් එයාලට 
2016 ජුලි 4
අවුරුදු 25ක්
ලේසි වැඩක්‍ යැ.
ආදර්ශමත් හොද ජෝඩුවක්
පුතා නිසා කියනවා නෙවේ, ඔබත් එහෙම කියයි ඒ දෙන්නව දන්නවා නම්.
1991 මේ වගේ දවසක ජෝඩුවක් වෙලා තියෙන්නේ
මම එන්නේ 92' මල්ලි බඩත්පිහගෙනම ආවනේ 95'. ඒ තමා අපේ පුංචි පවුල.
මේ දෙන්නගේ ලෝකේ ඒක කියලා කටින් නොකීවට මම දන්නවා ඒක එහෙමයි කියලා.
ඔය කාලේ දුක වැටීම් ගොඩක් වෙන්න ඇති.

Monday, February 2, 2015

ගිණි පෙට්ටිය | matches box

විදුලි පංකාවේ සීතල වැඩි බවක් ඇගට දැනුනු හෙයින් එය මදක් අඩු කිරීමට අවදි වනවාත් සමගම නවාතැන් පොලේ දොරට සිහින් නාදයෙන් තට්ටු කරනවා ඇසුනෙමි. තිර රෙදි වලින් ආවරිත වී බැවින් කවුරුන් සිටීදැයි හරියටම නොපෙනුනත් උදෑසන හිරු එළිය වැටී කහපැහැති තිර රෙදි ද ආලෝක ගැන්වී තිබූ නිසා ඉන් පිටත් ලා අදුරු පැහැ මිනිස් ඡායාව අදුර ගැනීමට අපහසු නොවිණි. කෙනෙක් සිටිනවා යැයි පැවසිය හැකි මුත් ඒ ලා සෙවනැල්ල ඒ කවුදැයි කියා මටඅදහසක් නොදුන්නේ, උඹට ඕනේ නම් උඹ බලාගනින් කියනවාක් මෙන්ය.

Friday, January 31, 2014

මික්ස් දින සටහන | The memories


-------------------------------------------------------------------------------------
නිවාඩුව කියලා එකක් හම්බුනා උනාට ඒ නිවාඩු දීපු දවසේ හිතපු කිසි දෙයක් නොකර මේ ගත උන දවස් ටිකේ කරේ කාපු බීපු නිදා ගත්තු එක, අඩු වදියටත් එක්ක ෆේස් බුකි ගත නම් උනා...
කැම්පස් එකේ හිටිය හැම දවසෙම ගෙදර පැනපු මම කියන එකා ගැන උබලා දන්නවා ඇති. ඒත් මම අතීශයින්ම පැහැදිලිව ඒ ගැන කනගාටුවෙනවා දැන්. !! 
-----------------------------------------------------------------------------
අද මම බදුල්ල නගරේ කරක් ගහන්න ගියේ සති දෙකක් තිබ්බ උණ රෝගය හොදින්ම සුව අතට ආපු නිසා වීමත් මට කාමරයේ ජීවිතේ සුපිරිම අලසවීමත් නිසාමයි. 
---------------------------------------------------------------------------------
මන් ආශ්‍රය කරපු මගේ මිත්‍ර පරම්පරාව බහුතරයක් කැම්පස් වල නිසා ආශ්‍රය කරන්න එකෙක් වත් නැහැ . ඉන්න උන්ටත් හැමදාම කරදරේ මම ගිහින් කරදරයක් වෙන එක , ඒ නිසා මම කරේ තනියම දඩාවතේ ඇවිදපු එකයි.
------------------------------------------------------------------------------------
අමුතු හීතලත් අදුරු වටපිටවත් ඉදහිට වැටෙන වැස්සත් නිසා ගේ තුල පරිසරය මීට වඩා හොදයි හිතුනේ, අද සහ මේ දිනවල බදුල්ල නගරයේ කාලගුණය එතරම් සහනයක් නැති නිසා මාව තවත් කම්මැලි කරන නිසයි , ඒත් මම නගරයට ආපු එකේ මුතියංගනය රජ මහා වෙහෙරත් වැදගෙන ආවා...
නගරයේ හැම තැනම අර කිවුව පාලු කම්මැලි කම තිබ්බත් හැමදාම තිබුන නිස්කලංක බවත් එක්ක මද පින්නේ මුතියංගන බෝ පත් එදා වගේම හැමදාම වගේම අපේ සිත් සනසනවා 
----------------------------------------------------------------------------------
එද්දී එක පාරම මට මුණ ගැහුනා අපේ මලයාගේ පන්තියේ හිටිය එකෙක් , යන්නම් කියාගෙන යයි හිතුවත් "අම්මට සිරි අදුන ගන්න බැරි උනා " කියලා නතර වෙලා කතා කරපු එකාගේ සහෝදරත්වය මට මාර කික් එකක් දුන්නේ . මොක ද මම බොහොමයක් වෙලා ඒ අමුතුම හැගීමක තනි වෙලා හිමීට ඇවිදන් ආපු නිසා වෙන්න ඕනේ !
-------------------------------------------------------------------------------------
මචන් /මචියෝ එහෙම දැක්කම කතා කරපන් මාරම හැගීමක් එන්නේ, මුන්ට අපිව අමතක නෑ කියන හැගීම විදලම බලන්න ඕනේ එකක්,
---------------------------------------------------------------------------------------
මට තේරුණා අපි ගුරුවරයෙක් දැක්කොත් කතා කරන එකේ වැදගත්කම . ඇත්තටම ඒ කලේ කියද්දී තේරුනේ නිකන් අදහසක් විතරක් උනාට අද  එහෙම කතා කරන එකෙන් ඒ මිනිස්සුන්ට එන හැගීම මට නිකමට වගේ තේරුනා. ඇත්තටම එක ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඇති . මම නම් කොහොමත් ගුරුවරයෙක් දැක්කොත් වදිනවා , "හොද පුතෙක් " කියලා අහන්න මම හෙන අසයි බන් කොච්චර පිස්සු කෙලියත් . අනික වැඩිහිටියෙක් අපි ගැන යහපත් ආකල්පයක් ඇති කරගන්නවා කියන එක මාරම දෙයක් මට නම් !
මම එක්ක ඉන්න කොල්ලෝ සැට් එක උනත් අපේ වැඩිහිටියන් අතරේ පස්ට ආකල්පයක් තියලා තියෙන්නේ, අහ්හ් ඒ ළමයි ටිකනේ ! එයාලව විශ්වාසයි කියන තැන අපි හැමදාම ඉන්නවා . මොක ද විශ්වසේ කියන දේ හෙණම වැදගත් බන් . 
ඇත්තටම මම ලිපියක් ලියන්න හිතුවේ නෑ . දැන් මේක මගේ අතින් දිගට ලියාගෙන යන නිසා මම මේක මෙහෙමම ලිපියක් කරනවා .
-------------------------------------------------------------------------------------------
ලොකු අයියා ඇතුළු සෙට් එකේ මාර පුරුද්දක් තියෙනවා , ඒක ගොන් ආතල් එකක් වෙන්න ඇති , ඒත් 
මට දැනෙන විදිහට ඒක අපි කරපු පට්ටම වැඩක්.
අපි අපේ එකෙක් පාරකදී තොටකදී දැක්කොත් එහෙම්ම වදිනවා , නෙදකින් මුන් කියලා හිතයි , දකින දකින හැම එකාටම නෙවේ බන් අපේ උන්ට අපේ බොක්කේ ෆිට් වලට දවසක් හරි වැඩිමහල් නම් දඩාස් ගාලා වැඳ වැටෙනවා ...
ඒකයි අපේ පිළිගැනීමේ ක්‍රමවේදේ .. :)
ලොකු අයියා නම් හැම එකාටම වදිනවා මයි , මොකද ඌ තමා බාලම එකා 
ඉතින් මේ වදෙන් මම හිතන්නේ අපි අතරේ කිසි ඔය වෙනසක් තියෙන එක දේ පවා නැති වෙලා ගියා , ඉස්සර හෙණ පඩ දීපු එකා උනත් , එපා යකෝ කියපු එකා උනත් අද එහෙම නෑ , 
මම කියන්නේ උබලටත් වදින්න නෙවේ , මන් මගේ බ්ලොගෙන් කියන්නේ අපි ගැන නෙව , කවුරුවත් හදන්න මට පලුවන්ය !!
-----------------------------------------------------------------------------------
අපිට අපේ කොල්ලෙක්ට එහෙම වැඩ ගන්න පුළුවන් උන නිසා ඕනෙම හා ජරාවක් ගාවදි අපි අපේ ගුරුවරුන්ටත් වදිනවා, එක නිකන් නොර්මල් වැඩක් , මම කියන්නේ වැඩපන් කියන එක නම් නෙවේ , ඕක ඉතින් හැමදාම හැම එකාම කියන දේනේ , උපදෙස් දෙන එක!!
නෑ බන් එකෙන් මර හයියක් එනවා , මාර සෙනහසක් එනවා , අපේ මලයා අද ජීවතුන් අතර නැති උනත් විභාගෙකට යද්දී මට වැඳලා ගියා , මට ඒ වෙලේ දැනුනේ ඇහැ බොඳ උන එක විතරයි 
මිනිස්සු අපිට වඩා වැඩිමහල්නම් , අපි ගරු කරන්න ඕනේ , අනිවාර්යෙන් කරන්නම ඕනේ , ඒකට ආගම ජාතිය බාධාවක් නම් වෙන්නේ නෑ කොහොමත් , ඒක කරන්න ඕනේ කියන දේ හොදටම තේරෙන්නේ ඒක විදපුවමයි 
-------------------------------------------------------------------------------------------------
ඒත් මම ගරු කරනවා මිසක් කවදා වත් හැම එකා ගාවම කිසි දේකට චොර වෙන්න වැඳ වැටෙන්නෙත් නෑ 
" මම හිස නමන්නේ හාමුදුරුවොන්ටයි , අම්මට තාත්තටයි , වැඩිමහල් වැදගත් මිනිහෙක්ටයි , මගේ කොන්ඩේ කපන බාබර් ට විතරයි "
ඉස්සලා වැඩිමහල්නම් , කියපු මම වැඩිමහල් වැදගත් කියන එකක් දැම්මේ ඇයි කියන එක ඔබම තීරණය කරන්න , 
හම්මෝ කියන්න ආපු දේ හැගීම් වැඩි වෙලා තව අඩුම කුඩුම ගොඩක් එක්ක මික්ස් උනාද කොහේ ද 
කමක් නෑ ...ඔන්න ඉන්කා වරුන් කියනවා වගේ ....කියන්න තියෙන ඔක්කොම මන් කිවුවා , දැන් අවසරයි !!! ( ඉන්කා වරු එහෙම කියනවා කියලා ඇලන් ක්වාර්ටමන් තමා කිවුවේ )

Friday, January 24, 2014

ලොකු අයියාගේ තියරිය 1 | loku ayya's theorem 1

මා ලොකු අයියාගේ පොල්වත්තේ විශ්ව විද්‍යාලය දැයට තොප්පිය වැඩසටහන නිසා වසා දමා ඇත. ඉදින් මේ ලැබුණු නිවාඩුවේ ඔහු වෙහෙසෙන්නේ රටට සමාජයට දෙයක් ඉටු කිරීමටයි , එවන් විටෙක ඔහු අතින් මේ විසදුනේ අමුතුම ගණනකි . එය ඔහුටම පුදුමයක් නිසා අද කාමරයේ අලවන්නට ඔහු තීරණය කලෙමි


තියරි 1 .සෑම තනිකඩ එකෙකු පිටිපසම සෙට් කර ගත නොහැකි කෑල්ලක් සිටී !
තියරි 2. සෑම සාර්ථක මිනිසෙක් පිටිපසම  කාන්තාවක් සිටී

තියරි 1 = තියරි 2
 ( සම්මත උෂ්ණත්වයේදී සහ පීඩනය යටතේ ජීවත චක්‍රය බැවින් )

සෑම තනිකඩ එකෙකු පිටිපසම සෙට් කර ගත නොහැකි කෑල්ලක් සිටී = සෑම සාර්ථක මිනිසෙක් පිටිපසම  කාන්තාවක් සිටී

පොදු වචන කපා දැමීමෙන් ,

තනිකඩ එකෙකු.සෙට් කර ගත නොහැකි කෑල්ලක් =සාර්ථක මිනිසෙක්.කාන්තාවක් --- 1 

සෙට් කර ගත නොහැකි කෑල්ලක් = කාන්තාවක් = ස්ත්‍රිය --- *
{ ස්ත්‍රිය නම් සර්වත්‍ර කුලකයේ අවයව දෙකකි }

* ගෙන්  1 ට ,

තනිකඩ එකෙකු.ස්ත්‍රිය =සාර්ථක මිනිසෙක්.ස්ත්‍රිය

=>   තනිකඩ එකෙකු = සාර්ථක මිනිසෙක් 
       ======================== 
තියරිය එක කියා මෙය නම් කලද දෙවෙනි තියරියක් එයි යන්න ගැන මටම තව විශ්වාස නැත !!! පුහා 

Thursday, January 23, 2014

නා ගැනීම | Run with underwear

වෙන තැන්  වගේ නෙව නේ අපේ ඉස්කෝල යේ  ක්‍රීඩා උත්සව තියෙන්නේ අවුරුදු 3  ට එක ගානේ !!!
\

ඔලිම්පික් හොදයි එනවා මීට කලින්
සමහර ළමුන් දන්නෙත් නෑ මේ ගැන තවමත්
කොහොමෙන් කොහොම හරි කාලය ගත වීලා 
අපේ අයට ක්‍රීඩා උත්සවේ ආවා 

අවුරුදු ගානකින් එන ,කාලයක් නිසා  
කට්ටිය වැඩ හෙනට හම්මේ බර දාලා 
එකෙක් දුවයි එකෙක් පනියි හිටු කියලා 
අපි එකොළහේ, කොලු ගැටයන් පොර වීලා 

පාසල බෙදී ඇත උඩ පහලයි කියලා
උඩ උ/පෙ පහල ඇත සා/පෙ පිරිලා 
පහල කොටහේ තිබුනේ මහා පිට්ටනිය 
ඒ හින්දා පොරවල්  එකොළහේ කට්ටියය 

සෙල්ලම් කරන නොකරන අය හැම තැනම
ග්ලුකෝස් ගිලින බඩ ජාරින් ඒ අතර
ටීචර් ලා සර් ලා දුවනවා හතර අත 
පාසල නිකන් පිස්සන් කොටුවක් වැනිය

මගේ මිත්තරයා සහ මා නම් ට්‍රයි කෙරුවේ
මැරතන් එක දුවන්නයි පසුදා වරුවේ
සතියක් තිස්සේ ප්‍රැක්ටිස් අපි කෙරුවේ
මෙඩිකල් ටෙස්ට් එකෙන් පස්සේයි අපි අස් කෙරුවේ 

මට කකුලේ අමාරුව සහ ඒකට හතිය
සහ තිබුනේ නෑනේ උසට සරිලන මහතක් අපිට 
ටෙස්ට් එක අවුල් ඌවද  එදා දින
තනියෙන් දිවුවා මැරතන් එකේ පස්සෙන්ම 

මේ පද ගැට ගහනුයේ ඒ කිසිවක් නිසා නොව
වෙන වික්‍රමයක් කියන්නයි හැමදා කතා වෙන 
කවුරුත් දන්නවා නොදන්නා අය දැන ගන්න 
බොරු නම් නෙවේ අම්මපා මේ සත්තයි  ඇත්ත




92 ඉපදී පුර බදුල්ලේ
කොල්ලන් 92, ලංකා පුර හැම තැන වාගේ 
උනේ හනේ  අජුත වැඩනේ , සොම්නසින් පිරේ  
මතකද අපියි ගණන් පේපරේ දෙසරයකුත් කෙරුවේ
ඒ පමණක් නෙවේ z ස්කොරේ ප්‍රස්නේ 
සිලබස් වෙනස් කරලා ඒ උන යුද්දේ 
හැමදේ උන කට්ටිය ,අතරේ  අපි වෙල්ලස්සේ 


පාසල නොසන්සුන් බව දුටු තුරුණු කැළ 
මෙය නම් හොදයි අද පැන ගොස් නාන්නට 
කියා සෙට් වෙලා හෙන තොගයක් අය එකට
යන්නට සැරසුනේ බදුල්ලේ බන්ට් එකට 


මුළු එකොළහේ කල්ලිය එකතැනකට වීලා
නාන්න යන්න බරටම ඇත සෙට් වීලා
මුළු පාසලම ක්‍රීඩා උණුසුමේ වෙලිලා
ඉන්නා වේලාවකි මරු ටයිම් තමා 




නඩේ කොල්ලන් එකට 
යන්න යන්නේ බන්ට් එකට
නාන්න ලගම තැන 
බදුලු ඔයේ ගිලෙමුද සිසිලසට

පාසලේ කවුරුවත් මේ ගැන දැන් නැති අතරේ 
යන්නට සැරසෙන්නේ කවුරුත් එකා වගේ
ගේට්ටුවෙන් පැනගන්නත් හරි ලේසි 
මොකට ද මචන් ඉන්නේ ඔය බයෙන් හැරී

කට්ටිය ගණන මතකේ නම් නෑනේ අද
ගණන් කරන්නට බැරි තරමකින් ගොඩ 
කට්ටිය ආවා පැනලා ඉස්කෝලයෙන් පිට
මාරයි බොලේ බැජ් ෆිට් එක ඒ තිබුන 

පොලිසියේ මාමලා හැම තැන මුර දාලා
ඇත අප කස්ටියගේ වැඩ කිඩ දන්නා නිසා
එනමුදු හැමදාකම වගේ පනිනා හින්දා 
මේ දවසෙත් ගාණට අපි පැනගත්තා 

මෙදා පොටේ නම් අහු උනොතින් අපිව
එකා වගේ පැන ගමු දිව සතර අත 
කියා කතා ගොඩක් කියාගෙන හැවොම 
සතුටෙන් ඇදෙන්නේ බදුල්ල ඔයට ලග 

පාසල් ඇදුම් සුදු පිරුවට ඇත ඇදලා 
පොත් බෑගයක් සමහර අය පිට දරලා 
කුඩයක් ගෙනත් සමහරු එය කරේ තියා 
හොර පාරවල් අස්සෙන් යයි හුරේ තියා 

ඔයට යන්න පෙර හම්බෙයි මැදිරි වනේ 
ඒ හැම තැනම ඇත්තේ මැදිරිය ගස්නේ 
කළුවර සොදුරු මනරම් පැත්තක් වන්නේ 
මැදිරියේ නොගොස් ඇත්තන් වැඩකුත් නැත්තේ 

පෙම් සිනහා වපුරන ඒ අයට 
පරිසර සොදුරු බව විද ගන්නා සැමට 
හොරෙන් කරන වැඩ ගොඩ කට ඔබ සැමට 
නියමයි ඉතින් මාරයි පොට් එක එලය

ඒ වන මැදින් ඇදුනා අප කොලු කැලම 
ඉදිරියේ ගියේ ඌ පොර අකලංක විය 
ඒ සමගින් ඇදුනි උගේ මිතුරු තෙම
කවුරුත් දන්නවා ඒ කමල්සිරි කොලුවා ගැන 

අප කැපුවොත් වලක් අනිවා ඒකෙත් ගෙම්බෙක් 
අප කෙරුවොත් වැඩක් අනිකුන්ටනේ ඇම්මක් 
අප කල්ලිය යනු දුටු මල යකෙක් නොදනී තවම අපිත් 
කියලා හනික පාසලේ  විදුහල්පතිටත් 

ඒ ගැන නොදන්නා අප නඩයේ අය 
සතුටින් දගලන්නේය බන්ට් එකේ ලග 
ගහ ගන්නවා සමහරුන් ඒ තැනින් තැන 
තව සමහරුන් ගේ කන් දුරකතනයේ ඇත 

ආව වැඩේ කරමුයි කියලා හිතලා 
කට්ටිය කිහිප දෙනෙකුන් නාන්නට හිතලා
යට කලිසම  පමණක් ඉතුරුව තියලා 
බැස්සා ඔයට හම්මේ හීතල කියලා 

කාටත් කලින් කමලේ සහ අකලංක 
වරෙන් බහිමු කියලා වතුරට ඔන්න 
බැස්සනේ වතුරේ මැදටම හෙන ගැම්මෙන්ම 
මළ කෙලියයි අර දුර එන්නේ කවු ද ??

අර වසල මාරයා
කියූ ඕපය අසා
අපේ මහා ගුරුතුමා 
පැමිණෙන්නේ මාර වේසෙන් වෙලා 

"තොපි වගේ පාහර 
උන් නිසා පාසල් නාමය 
කැත වේය" කියමින 
ගුරුවරුන් මැදිරියෙන් මතු උන 

අම්මට ඩෙගා පිනා සහ අනික් ගුරුවරු එනා 
යැයි කියූ විගසිනා 
අපි සැවොම පණ එපා  කියා 
සී සී කඩ විසිරුණා 

අම්මේ දෙවියනේ ඇති යන්තමින් බේරුනේ 
අහු උනානම් බොලේ 
ඉවරයි මගේ මුළු ජීවිතේ 
කියා හති දම දමා එදා අපි දිව ගියේ 



ඔක්කොම සී සී කඩ විසිරිලා ගොස් එකතැන නැවත 
සෙට් උණු තැන දුටුවා දෙන්නෙක් අඩුයි බව 
මලඃ අකලන්කයා , කමල් සිරි දෙන්නා 
නෑනේ මෙතන උන් තවමත් එහෙ වත් ද ?

කරන්නට කිසිවක් නැතේ 
කාලයට ඉඩ දී පුතේ 
අපි එදා ගෙදරට ගියේ 
හිතේ බය නම් අඩුවක්  නැතේ 

ඔක්කොම දෙනා  ගෙදරට වී සිටින විට
එදින හවස හෝ ඉන්පසු උදය විට 
දැනගන්නට හැකි විය මේ පුවත 
අදටත් අපේ කවුරුත් ඒ කතාවෙන 




කාටත් කලින් පිනාව දැක්කලු දෙන්නා
උන් හිටි හැටියේම අපටත් ඒ ගැන මොර තියලා 
වතුරේ උඩම දිවුවලු පණ එපා කියා 
ගිහිල්ලා හැංගිලා හිටියලු උන් ලෙසට රිලා 

සර් ලා ඇවිත් දුවගෙන අල්ලන්න අපි
වැඩකට නැතිලු ඉතිරි උනේ පමණක්ය හති 
ඒ තරහත් වට පිට බලන සිරි 
දුටුවලු ඇදුම් දෙකකුත් සුදු පිරුවටම ඇති 

දෙන්නම් කියා අප කොල්ලන් හට ගේම 
උස්සන් ගියාලුනේ ඒ බඩු සේරෝම 
අපේ කොල්ලන් දෙන්නා දුටුවත් කෝම 
ඉල්ලන්නේ ගිහින් ඇඩෙනවා තනි ඇහැට 

මොනා කරන්නද දැන් අපි දෙන්නා 
දුවනවා මිසක් ලජ්ජාවත් අතින් වසා 
එසේ සිතු අපගේ මිතුරන් දෙන්නා 
දෑතින් වසා ගෙන දිවුවලු හිටු කියලා 

වෙල් යායන් උඩින් හබරල වතු යායේ
උඩ  පැන පැන දිවුවේ හිස ඇරුන අතේ 
අම්මට කෝල් එකක් ගත්තා නම් කියා හිතේ 
වපුරා අදහසක් දිවුවේ හතර අතේ 

කෙල්ලනි අනේ මේ මේකත් අහ ගන්න 
ලැජ්ජාවක් කියා කියුවත් මේ දෙන්න 
වහගෙන ගියේ යට ඇදුමත් එක්ක 
නෑනේ ඉතින් අමු හෙලුවෙන්නම් ඔන්න 

අකලෙගේ බෑග් එකේ මොනවා දෝ ලිපියක් තිබිලා 
ඒකේ ගෙදර ඇඩ්රස් එක නම්බරෙත් ලියලා 
බඩුම තමා දෙන්නට දැන් වෙන්නේ කියලා 
හිතෙනවා නම් ඔබට ඇත්තයි ඔබ හරිම තමා 

අකලෙගේ අම්මා හට කෝල් කරලා කියලා
ඔන්න පුතා නාලා පැනලා දුවලා 
ඇදුම් පාසලේ ඇත අරගෙන තියලා 
ගේන්න එන්න පාසල වෙත ඔබ තුමිලා 

අම්මට දෙලෝ රත් වී මේ ඇසිල්ලෙකින් 
කොහේදෝ දැන් ඇත්තේ මේකා කමලසිරි සමගින් 
සිතනා විටම ඇවිදින් යට ඇදුම පිටින් 
අම්මට කලන්තේ දැම්මලු දඩස් හඩින් 

පසු කාලෙකදී සමාව ඉල්ලාලා 
ගත්තේ ඇදුම් පොත් මිටි කර පින්නාලා 
දඩුවම් නම් දීලා වැඩකට නෑ හිතලා 
උන දේ යසයි උගනිවු පාඩම කියලා 

2011 උ/පෙ අපේ අය 
2008 සා/පෙ ඒත් අපම විය
කවුරුත් දන්නා දේකුයි මේ මරුම දෙය 
ඒවා නිසා ජීවිත අපේ සොදුරු විය 

ආයෙත් යන්න තිබුනා නම් අප හට පාසල් 
අනේ ගිහින් ගන්නට ආසයි ආතල් 
ඒ වගේ කාලයක් එන්නේ නෑ ආයෙත් 
සිතමින් මතක් කරනෙමි මේ වගේ දේවල්...... !!!

-ලොකු අයියා- 

Monday, December 16, 2013

සුභ උදෑසනක් ! ඔබයි මගේ ආදරය , නොයමි කිසිදා ඈතට ...|Good morning, Feel my love

මෙය ද මාගේ සොදුරියගේ නිර්මාණයක් 

ආයුබෝවන්ඩ , බොහෝ කාලෙකින් , ඊයේ එයයි මමයි මොකක්දෝ පටලැවිල්ලක් දා ගත්තා , මම නිදියනවා යැයි කියපු මම නිදියගෙන අද ඇහැරිලා බලද්දී මෙන්න මේ මැසේජ් එක විතරක් තිබුනා !! ලොකු අක්කගේ නිර්මාණය ක් විය යුතුයි සිතා මම මේක මගේ බ්ලොග් පිට්ටේ අලවනවා, මොකද මගේ ආදරවන්තිය නිර්මාණශීලී වෙච්චි එක ගැන මම මේ හරි ආඩම්බරයෙන් ඉන්නේ !



උදේ වෙනකොට ,
රෑ තිබුණු කළුවර...
අමතක වෙනවා 
ඒත් 
ආයිත් රෑ නොවී තියෙයි ද ?

හොයාගෙන එනකොට ,
තනිකරලා ගිය හැටි...
අමතක වෙනවා 
ඒත් 
ආයිත් තනි නොකරයිද ?

ආදරෙයි කිවුවම,
එපා කිවුවේ ඇයි ...
අමතක වෙනවා
ඒත් 
ආයිත් එපා නොකියයිද ?

ඒ වගේ...

හිතට දැනෙනකොට 
මට මාවත් 
අමතක වෙන
ඒත් 
කොයි වෙලේ 
නැති වෙයිද මුළු හිතටම වද දෙන ,

අමුතුම දෙයක්, මට දැනෙන මේ ආදරේ ....!!

ඔය උඩ  තියෙන චිත්‍රයත් ඇගේම නිර්මාණයක් !!!

Monday, October 14, 2013

කාමර ගතවීම, ඉතිහාසය, ඇයි හැදුවේ සහ මම | Room coming,history, me and why I made this ?

ලොකු අයියාගේ කාමරය පටන් අරන් දැන් මාස කිහිපයක් ගත වෙලා ,ඒත් ප්‍රශ්නේ කියන්නේ මුලින් තිබ්බ උද්දාමය දැන් අඩුම වෙලා තියෙන්නේ,ඉස්සර ඉස්සරම පොස්ට් දවසකට දෙක තුනක් දාපු මම දැන් දාන්නෙම නෑ. කොටින්ම කිවුවොත් මම ලගදී බ්ලොග් එක පැත්තට නිකමට වගේ ආව. ඇවිත් දාල ගියා "මම ආයේ ලියනවා කියල" නම්, ඒක එක්තරා විහිළුවක් උනා , ඒක දැම්ම දවසට පස්සේ අද යි මේ ආයෙත් ආවේ. ඒ පොස්ට් එක අයින් කොරා.

ඇත්තටම කාමරයට එන්න බැරි වෙන්න හේතු කිහිපයක් තියෙනවා නෙව. මෙහෙමයි හිටි හැටියේම වැඩ රාජකාරි ගොඩ ගැහුනා. ඒත් ඒක ට වඩා ලොකුම දේ
තමයිහෙන කම්මැලියි බොලවූ ලියන්න. මම ඉතින් හැමදේටම කම්මැලි එකා නෙව. ඔන්න ඒත් කම්මැලියි කියා කියා ඉදලා ත් හරි යන්නේ නෑ නෙව.
පසු ගිය මාස කිහිපයේ ජීවිතේට ඇති වෙන්න අත් දැකීම් ගොඩකුත් එක්කාසු කරනුයි මම මේ ඉන්නේ.
________________________________________________________________

මම ආයේ මුල ඉදන් පටන් ගන්නම්.


ඇත්තටම මම මොකද මේ හිටි හැටියේ කාමරයක් ඇරියේ? මේක මට ආපු හෙන බරපතල ප්‍රශ්නයක්.
මෙච්චර කම්මැලියි කම්මැලියි කියන මම මොන එහෙකට එහෙනම් මෙකකට පෙලබුනා ද !!!

ඒ කාරනාව මම පසු පසටම හැරිලා බැලුවා. ඇත්තටම ඒ කාලවකවානුව ඒ කියන්නේ මීට දින 305ක් පමණ පෙර ...පොඩ්ඩක් ඉන්න අපි ඒක මෙහෙම ගමු.

Before 305 days, Badulla Town

ඒ සීත උදුවප් මාසයයි , ශ්‍රී ලාංකීය බ්ලොග් ශිල්පීන් අතරට වෙල්ලස්ස පුරවරයෙන් , ඌව , බදුල්ල නගරයෙන් කෙනෙකු පැමිණිය දිනය එයයි.
පපර පපර පාන්ග් !!!

ඔන්න මේ කාලේ වෙනකොට මගේ මිත්‍ර අංජන සහෝදරයා photography, ගැන බ්ලොග් එකක් හදලා මට පෙන්නනවා, ඒ අතර තුරේදීම නුවන් සහෝදරයා ත් බ්ලොග් ගැන මා සමග මුහුණු පොතේදී සියුම් කතිකාවක් කරනවා. කන්දේ හන්දිය බ්ලොග් එක ඒ සහෝදරයාගේ. මන් හිතන්නේ ඊකත් දැන් ජරා ජීර්ණ වෙලා මිනිස් පුළුටක් නැතිව.ඒ වගේම චාමිකර බණ්ඩාර සහෝදරයාගේ නිර්මාණරතිය කියන බ්ලොග් එකත් මම දකිනවා. ඔහුත් මගේ කුළුපග පාසල් මිත්‍රයෙක්. ඉතින් මේකනේ අපිට අපේ ලග උන් දෙයක් කරනකොට නිකන් කහනවා කහනවා වගේ නෙව. අන්න ඒ හින්දා මේ දින  ටිකේදි මාත් බ්ලොග් ගැන හොයනවා. එහෙමට විශේෂ එකක් නෙවේ. කොහොම ද බොලේ බ්ලොග් එකක් හදා ගන්නේ කියලා.ඇත්ත වශයෙන්ම මේ කාලේ වෙනකොට තියා දැන් උනත් මට බ්ලොග් කියවිල්ල කම්මැලි වැඩක්. කොටින්ම කිවුවොත් මම බ්ලොග් එක පටන් ගන්නේ බ්ලොග් එකක් වත් නොකියවලා. හරිය?

මටත් ඕනේ වෙනවා බ්ලොග් ලෝකේ හැම එකාටම ඕනේ වගේ අමුතු එකක් කරන්න. ඉතින් මම ඒකට හොයනවා නමක්. අයියාගේ කාමරේ කියලා දාන්න මුලින්ම ගියේ.

අහ්හ් ඒක නෙවේ,මම මුලින්ම blogger එකේ නෙවේ wordpress එකෙයි මගේ බ්ලොග් එක හදන්නේ. ඒත් මට අපේ යාළුවො කරන්නේ blogger පාවිච්චියෙන් නිසා, තමයි මෙතනට එන්නේ.wordpress එකේ හදාපු එක තියෙනවා ද මන්දා. කොහොම හරි එහෙම එකක් තිබ්බොත් ඒත් මමමයි හොදේ.

අවුරුදු 16ක් එකට හිටිය එක්කුසින් උපන් මයේ මලයා මීට මාස කිහිපෙකට කලින් අන්තරා වෙනවා, මෙතනදී මීට මාස කිහිපයක් කියන්නේ දින 305 කට කලින් මාස කිහිපයකට කලින් හරිය,
මල්ලි අන්තරා වෙන්නේ ලියුකේමියාව රෝගයෙන්, මම ඒ ගැන , සහ ඌ ගැන කියන්නම කාමරේ ඇතුළෙන්ම.මම මෙතෙන්දි ඒ කාරණාව කිවුවේ ඇයි හිතනවා ඇති, ඇත්තටම මට ඕනේ උනා මල්ලි ගැන ලියන්න. මල්ලි ගැන කියන්න. ඒක මගේ බ්ලොග් එකේ මූලික අරමුණ උනේ.
ඇත්තටම තවමත් මේ බ්ලොග් එකේ ඒ පිළිබ ද කිසිදු ලිපියක් පල වෙලා නෑ. මොක ද මේ බ්ලොග් එකේ තාම තියෙන්නේ අතේ ඇගිලි ගානට ලිපි ටිකක්. මම සමහරක් ඒවා අයින් කරා.

ඇත්තටම මම අයියා කෙනෙක් උනේ මගේ මල්ලි නිසා , අන්න එතනින් මම කඩා ගන්නවා අයියා කියන එක, ඒක තමා ඔය අයියාගේ වෙලා තියෙන්නේ,
එතකොට "ලොකු" කෑල්ල එන්නේ කොහෙන් ද? මම අම්මගේ තාත්තගේ ලොකු පුතා. මල්ලි නැතැයි කියලා දැනටත් ඒකෙ වෙනසක් නෑ ඉතින්. මොකද ඒ කාලේ ඉදන්ම මට "ලොකූ...." කියලා තමා අම්මයි තාත්තයි
කතා කරේ සහ කරන්නේ. ඔන්න ලොකු කෑල්ල නමට එනවා" ලොකු අයියා " කොටහ හරි, කාමරේ, මේක ඇත්තටම මම තනියෙන් ගත්ත දෙයක් නෙවේ, මේක මම මගේ බ්ලොග් එක හදනකොට අනික් අපේ
බ්ලොග් මිත්තරයන්ගේ බ්ලොග් වලට එබෙද්දි හොයා ගත්ත එකක්. "සිරාගේ කාමරේ " අන්න දැක්ක ද කාමරේ කොටහ ආපු හැටි.

හරිනේ දැන් මගේ බ්ලොග් එක ට නමක් තියෙනවා. ඉතින් අපේ මිත්‍රයන්ගෙන් අහ අහා මම හදනවා බ්ලොග් එක. මේ හදලා තියෙන්නේ, හම්මෝ මේ හදලා තියෙන එවුවට වඩා සුකුරුත්තන් ආයි ඕනේ
නෑ.
ඔන්න ඕකයි මගේ බ්ලොග් එක හැදිල්ලේ ආරම්බය, ඉතිහාස කථාව

TODAY,Sri lanka

කලින් කිවුවා වගේ මට කම්මැලියි බන්. මේ අද ලිවුවට ආයි කවදාක ලියාවිද මන් දන්නේ නෑ , :-)
කොහොම හරි ලියන්න ඕනේ. මොකද ලියන්න මට ගොඩක් දේවල් නම් තියෙනවා.
බ්ලොග් එක පටන් ගත්තේ ඇත්තටම අපේ උන් කරපු නිසා ඉරිසියාවට කුම්මහි කමට තමයි. ඒක මට හිතෙනවා. නැත්තන් බඩ බොක්කෙන් ලියන්න ගත්තා නම් මෙහෙම නවත්තන්නේ නෑ.
:-D , ඒත් මම මේ ආයි අළුත් ආරම්භයක් ගත්තේ නම් කුම්මහි කමට නෙවේ ඔඕන් .

තව දෙයක් කියන්න ඕනේ මම මුහුණු පොතේ හදවුවා ඒ කාලෙදිම ලොකු අයියගේ කාමරේ පිටුවක්. ඒකට නම් මන් අරව මේවා දානවා meme කාටුන් වලින් ඒක පුරවනවා. ඇත්තටම එකේ ගොඩක් ඒවා මගේම ඒවා. ඒත් මේ ලගදි දවස් ටිකේ නම් හොරෙන් උස්සලා දැම්ම ටිකක්. දැන් පේජ් ඒකට ලයික් 800 ක් විතර ද කොහේ ද තියෙනවා. 
----------------------------------------------------------------------------------------

දැන් මම ගැන කියන්නම්.

මම බදුල්ලේ. ඉස්කෝලේ ගියෙත් බදුල්ලේ, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලේ ,මම උ/පෙ පලවෙනි ලැජ්ජාව කරන්නේ 2011 දී. උ/පෙ කරලා පොදු පරීක්ෂනේ නේ ද අන්න ඒක කරේ 2011 සැප්තැම්බර් 1 , ඉවර උනා විතරයි මම තෝර ගත්තා ICBT එක. මාතර එකත් ලගයි ඒත්
නුවර එක ගොඩක් ලගයි අනික දන්නා කියනා අයත් ඉන්න නිසා මම ICBT Kandy campus එකේ ප්‍රමාන සමීක්ෂක (QS) කරන්න ගන්නවා ,ඒ 2011.සැත්තම්බර් 11 වෙනිදා.
අවුරුදු දෙකක course එකක්. full time තමා කරේ , ඔන්න ඔය අතරේ 2011 දෙසැම්බර් විභාග ප්‍රථිපල එනවා , හරි බඩු බනිස් මන් පාස්, මලම කෙලියයි, කෙමිස්ට්‍රිත් පාස්. මම කරේ මැත හරිය.
පාස් උනාට අපිව කැම්පස් ගන්නේ මේ 2013 නෙව. මතක ඇති නෙව Z ස්කෝර් අවුල.  එකෙන් මේකෙන් විශ්ව විද්‍යාලෙට ගන්න එක පරක්කු වෙන එකත් මට මල් හතටම හිට්ටා. මොකෝ මන් දැන් QS එකත් කරනවා නෙව.
බදුල්ලෙන් නුවරට නුවරින් , මම ඊලගට මේ දැන් මම ඉන්න කුලියාපිටියට එනවා.ශ්‍රී ලංකා වයබ (අර පස්ස පැත්ත ලොකු බයන්න කොහොම ද බන් ගහන්නේ ?) විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ සිසුවෙක් හැටියට.
පස්සේ රුහුණේ පිසිකල් ආවට මම ගියේ නෑ . කොහොම හරි පොල්වත්තේ වී. විද්‍යාලයේ තමා දැන් මම ඉන්නේ, ඇත්තටම මම කාර්ය බහුල වෙන්නේ මේකේ තියෙන වැඩ රාජකාරී නිසා.
දැන් අපේ පලවෙනි අවුරුද්දේ අන්තිම මාස එක හමාර මේ යන්නේ. ඇත්තටම මාර්තු වැල අපිව අරන් , මැයි වල අධ්‍යන කටයුතු පටන් අරන් කොහොම අවුරුද්දක් ඉවර කෙරෙනවා ද කියලා
කාට හරි හිතෙන්න පුළුවන්. මේකයි අපේ වී. වී.යේ දැන් සතියේ දවස් හතම උගන්නනවා , අනික මේ අවුරුද්දේ අන්තිමේ මාස 2 ක් තුනක් නිවාඩු හම්බෙන්න නියමිතයි අපිට. මොක ද දැයට කිරුළ 2014 තින්නේ අපේ විශ්ව විද්‍යාලයේ නෙව

හරි මන් ගැනත් මොනා දෝ කිවුවානේ. දැන් මන් පටන් ගන්නම් කාමරේ රොඩු බොඩු ගසලා දාල ආයිත් අකුරු කරන්න.

එහෙනම් එතකන් ජය!!!


Thursday, February 28, 2013

මේක හරි ප්‍රශ්නයක් බොලවූ !


මම මේ ලගදි අක්කා කෙනෙක්ගේ මගුල් ගෙදරකට ගිහින් දුන්න 
ප්‍රසන්ට් එකට තෑන්ක්ස් කරලා මෙයා මට ලියුමක් එවුව !

ඒ තෑග්ග එයාට ඕනිම වෙලා තිබ්බ එකක්ලු , 

'අමුත්තන්ට සංග්‍රහ' කොරනකොට 
හැම වෙලාවකම එයා ඒක පාවිච්චි කරනවත්ලු,


"මචංලා , මගේ හිතට මේක හෙන වදයක් ! 

මොකද මම අක්කට තෑගී කරේ

බෙඩ් ෂීට්ස් !!!":O :D "



Thursday, January 31, 2013

අත් ලේ !


මට ඕනේ කමක් තිබ්බේ නෑ ඔහේට රිද්දන්න .....
හිතුවිල්ලක් වත් අඩුම ගානේ....
තී මට ලංවෙලා රිද්දල මගේ සාරය ගත්තට මගේ තරහක් නෑ...
කොහොමත් දෙන්නගෙම එකම ලේ....
එහෙවු තියෙද්දීත් තී ,
කන ගාව...
කුඋං කුඋං ගාපු නිසයි, මගේ ලේ
මගේ අල්ලේ තියෙන්නේ මේ! 

අයියාගේ දිනපොත 2012.12.14 

බලා සිටිමි !


මහේෂ් සදරුවන් ලියයි.

පියාපත් සගවලා,
සිටියාට නුබ  හොරෙන්,
සගවන්න බෑ  නුබේ 
සොදුරු මල් සිනහවන්, 
පියාපත් දිගහරන් 
පිනි බින්දු විසුරුවා 
සද දියෙන් නැහැ වෙන්න,
පියබලා නුබ එන්න.
සිහින මල් නෙලා ගෙන, 
පෙම් දියෙන් දොවාගෙන,
පරවෙන්න ඉඩ නොදී, 
එන තුරා නුබ ළගට,
මග බලා සිටිමි මම.


Sunday, January 27, 2013

කෝලංකාවේ ජාතික ගීය re-mix





අංජන කෝලිය රණතුංග ලියයි.

ඔන්න අලුත් මාතෘකාවක් ඇදගෙන... ජාතික ගීය RE-MIX කරනව කියන්නෙ ෆේස් බුකියෙ ඉන්න මහ ලොකු ජාතික වීරයො ටික....... ආයෙ ඉතින් සෙල්ලම් නෑ. සිංහල ලේ තියෙන සිංහල බෞද්ධයො මෙහෙම කියන්නෙ හොඳේ...  අපිනම් නෙවෙයි... මොනා උනත් "ජාතික ගීය වෙනස් කරනවට මම විරුද්ධයි" කියලා කෑ මොර දෙන සිංහල ලේ තියෙන වීර සිංහල බෞද්ධ ඇත්තො
ෂෙයාර් කරන පොස්ට් වල හාල්පරු මූනකට ජාතික කොඩිය දාලා ජාතික කොඩියට කරන අපහාසය තමයි වාවන්න බැරි අම්මපා....

බයෙත් බැහැ මටනම්... කස්ටිය ෂු ... ගාලා පෝස්ට් ලියනවා, ෂෙයාර් කරනවා ටැග් කරනවා. ජාතික ගීය රැක ගන්ට පෙරට වරෙව් ලු. (දැන් ඒක විතරයි නෙ ඉතිරි වෙලා තියෙන්නෙ රැක ගන්න.)  

අප්පට උඩු. මේක ලියද්දිත් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා මාව. කොයි වෙලාවෙ දෙශප්‍රේමි දේශමාමක හුදී ජනයෙක් ඇවිත් මට කොටයි ද දන්නෙ නෑ. 
මොකද මම ඉන්නෙ මේ ජාතික ගීය වෙනස් කරන්න ඕනි කියන ස්ථාවරයෙ... 


Thursday, January 24, 2013

මගයා !












1) අපේ එකාලම තල්ලු කරන් 
    හැම එකාවම තෙරපන්,පෙරළන්,
    එහෙන් මෙහෙන් 
    පැනන් ඇවිත්, 
    අල්ල ගත්තු කොනේ සීට් එක !

2) Km කණුව පහු කරද්දීම ජියර් අවුල් ගිය බසය!

Tuesday, January 22, 2013

ස්ටෝරිය

යමරජු ගේ කතාව 

ඔබ දන්නවද  කවුද අපේ හතුරෝ කියා...
අපේ හතුරා ඔබේ හොද වැඩ....
අපි විතරක් නෙවේ දෙයිවය පවා ඒකට හිස නමනවා..
ඔබේ හොද වැඩට ඔබේ ජිවිතේ... 
මෙලොව එලොව පරලොව 
ඔබව රකින්නට බලය තියෙනවා
නමුදු අපි ට "එම" නරයන්ට වඩා
නිරයට එන නරයන් වැඩිය.
පිරිස වැඩි කර ගන්නට අපට උවමනාවක් නෑ...
හැදෙන එකාට හැදෙන්න,කියන්නම්... 
ධම්මෝ හවේ රක්කති ධම්ම චාරී... 
(ධර්මය රකින්නා ධර්මය විසින් රැකේ)

ආදරය ට ආදරෙන් !




ආදරය,ආලය, ප්‍රේමය,






අපි කෙලින පිස්සු,
අම්ම තාත්තා,
පාසල් ජිවිතේ,
රැකියාවකට යන එක 
වගේම ජිවිතේ නැතිවම බැරි, අනිවාර්යෙන් තියෙන දෙයක් ඒ ,
සමහර අය මුල් බැල්මෙන්ම ආදරෙන් බැදෙනවා,
තවත් අයට එයාලගේ හැගීම් අදුන ගන්න අවුරුදු දෙක තුනක් යනවා,
සමහර ෆිල්ම් වගේ සමහරු එක්වුන පලවෙනි දවසෙම එයාලගේ හැගීම් කියනවා,
සමහරු එයාලගේ හැගීම් එයාලා ගාව තියන් ඉන්නවා 
එයාල එයාලගේ ඇස්  වලට කතා කරන්න ඉඩ දෙනවා,
ඉන්පස්සේ එයාලා ආදරේ කරන්න දැනගන්නවා.. 
එයාලා හදවතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න ඉගෙන ගන්නවා..
ඒ නිසයි ගොඩක් ආදර කතා සදාකාලික වෙන්නෙත්.

හ්ම්ම්............





Wednesday, December 19, 2012

එදවස සොයුරු පෙමම ද තිබුනේ අපි අතර?

පුංචි කාලේ මමත් එක්ක හිටිය එකී...
පෙර පාසලේ මගේ මනමාලි ඒකි...
ලොකු ළමයෙක් උනාලු දැන් ඒකී...
මම එළියේ...නංගි ඇතුලේ...

(ජනේලෙන් පිටත සහ ඇතුල)

"නංගි ඔයා දැන් ගොඩක් ලොකු ද? උසද? "
"එහෙම නෑ අයියේ.."
"එහෙනං මොකද ඇතුලේ?කම්මැලි නෑ ද?"
"කම්මැලියි... දන්නේ නෑ...පිරිමි අය දකින්න හොද නෑලු ...තාත්තවත් බලන්නේ නෑ..සිරිත්ලු"
"හ්ම්ම්."

නංගියේ ඩිංගක් ජනේලය අරිනවා ද 
ඔය සුදු මුණ දැක ගන්න ට ඕනේ මට 
අම්මා දැක්කොත් අයියේ අපිට 
සිදුවෙනවා අයියේ බැනුමක් අහගන්න 

ඇහුවත් බැනුමක් මට නම් නැත කාරී
නොදක ඉන්න බෑ මට නුබගේ නාරි
මටත් ඉන්න බෑ අයියේ නුබ නොදක 
එහනම් අයියේ අරිනවා මම ජනේලය

අතීතයේ දිනකදී උන දෙයකි එය
එක දවසක් නොදැක ඉන්නට බැරි උන මුහුණ
නැගණියේ ඔබ යනවා අද යන්නට දිග 
එදවස සොයුරු පෙමම ද තිබුනේ අපි අතර?

මට මේ සිතුවිල්ල ආවේ  නිර්මාණරතියේ  ආර්ටිකලයක් දැකල. මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුළුවන් ඔයාලට නිර්මාණරති ආර්ටිකලය 

Tuesday, December 18, 2012

පරක්කුව


මට වැඩිය මේ කෝච්චියේ ගමන් බිමන් යන්න වෙන්නේ නෑ...ඔය අලුතින් කෝච්චියක් දැම්මොත් එකේ නැගල ගිහින් පොඩි ආතල් එකක් ගන්න මිසක් වෙන කාරණාවකට  කෝච්චියේ යන්න නං ලොකු අයියට එන්නේම  නෑ.
ඒත් කොහොම හරි දවසක් මට  සිද්ද වුනා  කෝච්චිය අල්ලන්න යන්න, මේ සිද්දිය උනේ A/L කරන දවස්වල,
ප්‍රොෆෙසර් රෝසා බණ්ඩාරවෙලට එනවලු ,දන්නවද මන්දා එතුමා physics වලට හොදම ගුරුවරයෙක්,මහාචාර්යවරයෙක්.