මෙය ද මාගේ සොදුරියගේ නිර්මාණයක් |
ආයුබෝවන්ඩ , බොහෝ කාලෙකින් , ඊයේ එයයි මමයි මොකක්දෝ පටලැවිල්ලක් දා ගත්තා , මම නිදියනවා යැයි කියපු මම නිදියගෙන අද ඇහැරිලා බලද්දී මෙන්න මේ මැසේජ් එක විතරක් තිබුනා !! ලොකු අක්කගේ නිර්මාණය ක් විය යුතුයි සිතා මම මේක මගේ බ්ලොග් පිට්ටේ අලවනවා, මොකද මගේ ආදරවන්තිය නිර්මාණශීලී වෙච්චි එක ගැන මම මේ හරි ආඩම්බරයෙන් ඉන්නේ !
උදේ වෙනකොට ,
රෑ තිබුණු කළුවර...
අමතක වෙනවා
ඒත්
ආයිත් රෑ නොවී තියෙයි ද ?
හොයාගෙන එනකොට ,
තනිකරලා ගිය හැටි...
අමතක වෙනවා
ඒත්
ආයිත් තනි නොකරයිද ?
ආදරෙයි කිවුවම,
එපා කිවුවේ ඇයි ...
අමතක වෙනවා
ඒත්
ආයිත් එපා නොකියයිද ?
ඒ වගේ...
හිතට දැනෙනකොට
මට මාවත්
අමතක වෙන
ඒත්
කොයි වෙලේ
නැති වෙයිද මුළු හිතටම වද දෙන ,
අමුතුම දෙයක්, මට දැනෙන මේ ආදරේ ....!!
ඔය උඩ තියෙන චිත්රයත් ඇගේම නිර්මාණයක් !!!
නිර්මාණ දෙකම හොඳයි.එයාට ලස්සනට චිත්ර අඳින්න පුළුවන්...
ReplyDeleteචිත්ර අදින්න පුළුවන් බව නම් දැනන් උන්නා , මොකද එයා චිත්ර ගුරුවරියක් නිසා , ඒත් සිතුවිලි ගොතන්න හැකියි දන ගත්තේ අදයි
Deleteබොහොම නිර්මානාත්මක අදහස් කීපයක්,චිත්රයත් ලස්සනයි ඔබේ එයා හොඳ කලාකාරියක් නොවැ
ReplyDeleteඔව් ඔව් !! ( ආඩම්බරයෙන්) තැන්කු
Deleteස්තුතියි
පැන්සලෙන් ඇන්ද එකක් නේද
ReplyDeleteඔව් ඔව් සහෝදරයා ...අගෙයි නේද? බොහොම ස්තුතියි කාමරේට ගොඩ උනාට ..මම අකුරුත් ලොකු කරා !! අර එදා කිවුව ලෝර්ඩ් වෙන්න වෙලා යන එක තවමත් එහෙමම ද ???
Delete