කාමරේ ඉන්න අය

හද්ද ලාංකික කාමරේකි

Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Wednesday, July 20, 2016

ගංවතුර සහ මම | Me & Flood

ගංවතුරට අසුවීමි

ඒ ගිය සතියේ ඉරිදාය.(2016 මැයි 14 සිට) කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කඩුවෙල,නවගමුවහි වෑවල ඉසංක අයියාගේ නිවසට ගියේ සුපුරුදු පරිදි එදින රාත්‍රිය ගත කර සදුදා උදයේම බදුල්ල කරා පැමිණීම උදෙසාය.
රාත්‍රියද පෙර දිනද අධික වර්ෂාවය.

" කඩුවෙල වෙලේ හංදියේ වතුර"ඒ මංජුලා අක්කාය.
මම දැන හිටි වෙලේ හංදියක්වත් වතුර ගැහිල්ලක් මහ කජ්ජක්දැයි සිතීමත් උදෑසන 9ට පමණ 143ක නගින්නට හේතු විය.

නවගමුවෙන් ඉහළ බෝමිරියට ආ බසය හිර වුනේ අධික තදබදේකටය.
පැයකි දෙකකි,ෆෝන් එකේ ගේම් ගසා 100% බැටරිය 15%ක් වී චාර්ජ් කරන්නැයි කියන කල්ම මට නම් ගාණක් නොවීය. එදා හාෆ් ඩේ දැමූ ඉසංක අයියා ගෙද‍රවිත් "බස් එකෙන් බහින්න මම ගන්න එන්නම්"කියන පමාවෙන් බසයෙන් බැසගත් මා කොයිකටත් මේ වෙලේ හංදිය බලලා එනවා සිතා පයින්ම ඉස්සරහට ගියෙමි.
එතැන එකම කෙලියකි, වාහන නැවතිලාය,ලොරි නිකන් රැවුල් හෝදනවා මෙන් විය. කැලණි ගග පැත්තකින් හෙන ලයින් එකක් දී උඩටම ඇවිත්‍ ය. මලාහ්: මා ගං වතුරකට හිර වීය!!
පයින්ම වෙලේ හංදියේ සිට නවගමුව රෝහල ලගට යද්දී ඉසංක අයියා පැමිනියේ මම පයින් එන බව දැන්වූයේ බෝමිරිය පාසල පසු කරද්දී නිසාය. බලංගොඩ අවිස්සාවේල්ල බස් පසු කර ගියද මා නෙවේ අතවත් දැම්මේ!පයින් ගමන ආතල්‍ ය.

වෙලේ හංදිය 

අගහරුවාදා, මා සුපුරුදු පරිදි මා හට දෙන කාමරයේ හතරරියන් දෙකතරියන් වී නිදිය.වටෙන් පිටෙන් ගග, වතුර,පාරවල් යටවෙලා,යන්න බෑ,රස්සාවට යන්න වෙන් නෑ,වාගේ කථා ලාවට ලාවට ඇහෙද්දී මමත් විපරමක් දැමීමි.
වෙලේ හංදිය හොදටම යටවීය.143 පාරේ බස් වැඩ නැතිය(ලෝ ලෙවල්)රටම ගං වතුරෙන් නාය යෑමෙන් ද කාලගුණයෙන් දිනෙන් දින අඩුවෙනවායි කියනමුත් වැඩිවෙන වර්ෂාවෙන්ද ටී වී එකේ පෙන්වන සුලි සුලි සුදුපාට පීඩන අවපාතද මොකක්දෝ එක්කින් වෙලී ඇත.

අයියාගේ නිවස ගල් කන්දක් පාමුල උස් බිමකය. එනිසා ගං වතුරට සෘජුව යට නොවුනත් ජීවන වැඩපිලිවෙල එහෙම්ම නැවතිනි. අයියාටත් මටත් තිබුන එකම. රාජකාරිය බයික් එකෙන් වටේ ගොස් වතුර වැඩිතැන් සහ යට උනු ගෙවල් වල මිනිසුන්ගේ සුව දුක් සහ උනුන්ගේ ගෙවල්වල බඩු අදින්නට සහය වන්නටය. අප නිවස යට නොවුනද එතනම ගෙවල් දෙකක් යටින් වූ පාරද වෑවල හංදිය. බෝමිරිය,නවගමුව,කැකිරිවල, නාගහවත්ත පාර, සූදවිලද යටවීය.(මේ කියූ සමහර නම් උච්චාරණය වැරදි විය හැක)
එතන උඩයට සහ වටේම මා නෑදෑ පිරිවර විය. ලොක්කයියා සහ ජෑන්ත අයියලා ,පොඩි ශාන්ත අයියලා රටේ හැම තැනටම සහනාධාර දෙනවායි කියූවත් මෙහෙට නැති නිසා එක් විය. ගමම එක් වී ගමට සහ නවගමුව දෙසටම කල හැකි සියල්ල කරන්න එක්වීමු. 



පොලීසියෙන් හම්බුන කුඩා බෝට්ටුව යට උනු අයට ආහාර දෙන්නට අප යොදාගත් අතර,කෙසෙල් බඩ සහ ප්ලාස්ටික් බූලි ගමේ පොඩි එකාලායේ සහ කොල්ලන්ගේ ඔරු පාරු උපකරණ විය. අපි ඉවුවෙමු බෙදුවෙමු.
ෆේස් බුක් එකේ බාලා අයියා දැමූ පෝස්ට් එකකට රිප්ලයි දැමුවත් ගමේ වූ වැඩ නිසා ඒ රිප්ලයි එකට දැමූ රිප්ලයි එකට රිප්ලයි කරන්න බැරි විය. ඔවුන් ඇසුවේ ආධාර ගැනය. ඇසුවාටද පින්‍ ය. 



සිකුරාදා දිනයේ වතුර මට්ටම අඩු වී තිබුන නිසාත් මහා වැඩගොඩක් හිර වී තිබූ නිසාත් මට අම්බානක ගෙදර පැනීමේ උවමනාවක් විය. එය තේරුම් ගත් ඉසංක අයියා කෙසේ හෝ අළුත් පාරට මා දමා ගෙදර ඒමට ඉඩ සැලැස්වීය. නුවරට පැමිණ පුංචිලායේ දිහා වෙසක් ගත කල මා සදුදා බදුල්ලට අවෙමි.
වතුර බැස ඇත. සමහර තැන් තාම එහෙමයි. ඒ මං ඊයේ(සදුදා) ගෙදරවිත් ගත් කල ඇසුනු දේය.


ගංවතුර දුන්නේ මරුම අත්දැකීමකි. යට උණු පිරිස්ට එය කරුම අත්දැකීමක් උනු බැව් කදුළු වලින්ම දුටිමි. මිනිසුන් එක් වී කල උපකාර වලට තුති. ෆේස් බුක් එකෙන් කරනුයේද වටිනා වැඩකි.
කෑම බීම යහමින් හම්බෙන බැව් දුටිමි. ඒ අස්සේ ගංවතුර බැලීමට ආ කෲ කැබ් ලොරි පිටිං වූ මිනිසුන් අර අසරණ මිනිසුන්ගේ බත් පතට ,කොෆී කෝප්පෙට යසේට වග කියනු ද දුටිමි. අර කුඩා බෝට්ටුවෙන් ගොස් කිලෝ මීටර ගාණක් රැයක් දවාලක් නැතිව බත් බෙදූ ලොක්කයියාට එක බත් එකක එලවළුවක් පිලිණු වූවායි කියා ගුටි කෙලි සැටිද ඇසීමි. බෝක්කු කටෙන් ගිලී ගිය කෙල්ලන් තිදෙනෙක් හේමපාල විසින් බේරාගත් අයුරු දුටිමි. වතුර අස්සේද කසිප්පු ශොට් එකක් දැමූ පොරවල් වතුරෙන් ගත් ගොං ආතල්ද දුටිමි. අප වටපිටාව යට වුනු බැවු ටී වී ඩ්‍රෝන් යාත්‍රා වීඩියෝ වලින් හොදටම දුටීමි.
එය මහත් වූ අත්දැකීමක් වන්නේ මා කන්ද උඩරට වෙල්ලස්සේ නාය යෑම් කලාපේක එකෙකු වී නිසායි ද සිතේ. 



ෆොටෝ ටික නම් ඔය මුල් දවස් වල එහෙන් මෙහෙන් ගහපුවාය, පස්සේ පස්සේ ගෙදර එන සිහිය මිස ෆොටෝ ගහන සිහියක් තිබුනේ නැත 









හිරු ගේ ධාතු පෙන්වීම නොහොත් බදුල්ලේ ශාක්‍ය සිංහ මංගල්‍යය| Hiru Shakyashinha Mangalyaya

මුතියංගන රජ මහා වෙහෙර වහන්සේ 
එය ශාක්‍ය සිංහ මංගල්‍යය විය

දිගයි. පුළුවන්නම් කියවන්න.මුල මේ මගේ කථාව සේ හිතෙනු ඇත. අග දී ඔබේද කථාව වනු ඇත.

ඒ ගිය ශනිදාවයි (2016 මැයි 21) . බලන්න මුතියංගනය පෙන්නනවා, මා හිටියේ පුංචිලායේ දිහාය. පෙර ගම්පොළ සිටි ඔවුන් දැන් පදිංචිය පේරාදෙණියේ උවද වෙසක් බලන්න යන්නේ තවමත් ගම්පොළම විය. මා ද පහන් රෙෂාන් මල්ලිලා දෙපළද පන්සල් ගොස් ගම්පොළ පරණ නිවසට පැමිණෙන විට හිරු 9.30 ප්‍රවෘත්ති ආරම්භ වූවා පමණි. 

Monday, February 2, 2015

ගිණි පෙට්ටිය | matches box

විදුලි පංකාවේ සීතල වැඩි බවක් ඇගට දැනුනු හෙයින් එය මදක් අඩු කිරීමට අවදි වනවාත් සමගම නවාතැන් පොලේ දොරට සිහින් නාදයෙන් තට්ටු කරනවා ඇසුනෙමි. තිර රෙදි වලින් ආවරිත වී බැවින් කවුරුන් සිටීදැයි හරියටම නොපෙනුනත් උදෑසන හිරු එළිය වැටී කහපැහැති තිර රෙදි ද ආලෝක ගැන්වී තිබූ නිසා ඉන් පිටත් ලා අදුරු පැහැ මිනිස් ඡායාව අදුර ගැනීමට අපහසු නොවිණි. කෙනෙක් සිටිනවා යැයි පැවසිය හැකි මුත් ඒ ලා සෙවනැල්ල ඒ කවුදැයි කියා මටඅදහසක් නොදුන්නේ, උඹට ඕනේ නම් උඹ බලාගනින් කියනවාක් මෙන්ය.

Thursday, February 28, 2013

මේක හරි ප්‍රශ්නයක් බොලවූ !


මම මේ ලගදි අක්කා කෙනෙක්ගේ මගුල් ගෙදරකට ගිහින් දුන්න 
ප්‍රසන්ට් එකට තෑන්ක්ස් කරලා මෙයා මට ලියුමක් එවුව !

ඒ තෑග්ග එයාට ඕනිම වෙලා තිබ්බ එකක්ලු , 

'අමුත්තන්ට සංග්‍රහ' කොරනකොට 
හැම වෙලාවකම එයා ඒක පාවිච්චි කරනවත්ලු,


"මචංලා , මගේ හිතට මේක හෙන වදයක් ! 

මොකද මම අක්කට තෑගී කරේ

බෙඩ් ෂීට්ස් !!!":O :D "



Sunday, January 27, 2013

කෝලංකාවේ ජාතික ගීය re-mix





අංජන කෝලිය රණතුංග ලියයි.

ඔන්න අලුත් මාතෘකාවක් ඇදගෙන... ජාතික ගීය RE-MIX කරනව කියන්නෙ ෆේස් බුකියෙ ඉන්න මහ ලොකු ජාතික වීරයො ටික....... ආයෙ ඉතින් සෙල්ලම් නෑ. සිංහල ලේ තියෙන සිංහල බෞද්ධයො මෙහෙම කියන්නෙ හොඳේ...  අපිනම් නෙවෙයි... මොනා උනත් "ජාතික ගීය වෙනස් කරනවට මම විරුද්ධයි" කියලා කෑ මොර දෙන සිංහල ලේ තියෙන වීර සිංහල බෞද්ධ ඇත්තො
ෂෙයාර් කරන පොස්ට් වල හාල්පරු මූනකට ජාතික කොඩිය දාලා ජාතික කොඩියට කරන අපහාසය තමයි වාවන්න බැරි අම්මපා....

බයෙත් බැහැ මටනම්... කස්ටිය ෂු ... ගාලා පෝස්ට් ලියනවා, ෂෙයාර් කරනවා ටැග් කරනවා. ජාතික ගීය රැක ගන්ට පෙරට වරෙව් ලු. (දැන් ඒක විතරයි නෙ ඉතිරි වෙලා තියෙන්නෙ රැක ගන්න.)  

අප්පට උඩු. මේක ලියද්දිත් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා මාව. කොයි වෙලාවෙ දෙශප්‍රේමි දේශමාමක හුදී ජනයෙක් ඇවිත් මට කොටයි ද දන්නෙ නෑ. 
මොකද මම ඉන්නෙ මේ ජාතික ගීය වෙනස් කරන්න ඕනි කියන ස්ථාවරයෙ...