ගංවතුරට අසුවීමි
ඒ ගිය සතියේ ඉරිදාය.(2016 මැයි 14 සිට) කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කඩුවෙල,නවගමුවහි වෑවල ඉසංක අයියාගේ නිවසට ගියේ සුපුරුදු පරිදි එදින රාත්‍රිය ගත කර සදුදා උදයේම බදුල්ල කරා පැමිණීම උදෙසාය.
රාත්‍රියද පෙර දිනද අධික වර්ෂාවය.
" කඩුවෙල වෙලේ හංදියේ වතුර"ඒ මංජුලා අක්කාය.
මම දැන හිටි වෙලේ හංදියක්වත් වතුර ගැහිල්ලක් මහ කජ්ජක්දැයි සිතීමත් උදෑසන 9ට පමණ 143ක නගින්නට හේතු විය.
නවගමුවෙන් ඉහළ බෝමිරියට ආ බසය හිර වුනේ අධික තදබදේකටය.
පැයකි දෙකකි,ෆෝන් එකේ ගේම් ගසා 100% බැටරිය 15%ක් වී චාර්ජ් කරන්නැයි කියන කල්ම මට නම් ගාණක් නොවීය. එදා හාෆ් ඩේ දැමූ ඉසංක අයියා ගෙදරවිත් "බස් එකෙන් බහින්න මම ගන්න එන්නම්"කියන පමාවෙන් බසයෙන් බැසගත් මා කොයිකටත් මේ වෙලේ හංදිය බලලා එනවා සිතා පයින්ම ඉස්සරහට ගියෙමි.
එතැන එකම කෙලියකි, වාහන නැවතිලාය,ලොරි නිකන් රැවුල් හෝදනවා මෙන් විය. කැලණි ගග පැත්තකින් හෙන ලයින් එකක් දී උඩටම ඇවිත් ය. මලාහ්: මා ගං වතුරකට හිර වීය!!
පයින්ම වෙලේ හංදියේ සිට නවගමුව රෝහල ලගට යද්දී ඉසංක අයියා පැමිනියේ මම පයින් එන බව දැන්වූයේ බෝමිරිය පාසල පසු කරද්දී නිසාය. බලංගොඩ අවිස්සාවේල්ල බස් පසු කර ගියද මා නෙවේ අතවත් දැම්මේ!පයින් ගමන ආතල් ය.
අගහරුවාදා, මා සුපුරුදු පරිදි මා හට දෙන කාමරයේ හතරරියන් දෙකතරියන් වී නිදිය.වටෙන් පිටෙන් ගග, වතුර,පාරවල් යටවෙලා,යන්න බෑ,රස්සාවට යන්න වෙන් නෑ,වාගේ කථා ලාවට ලාවට ඇහෙද්දී මමත් විපරමක් දැමීමි.
වෙලේ හංදිය හොදටම යටවීය.143 පාරේ බස් වැඩ නැතිය(ලෝ ලෙවල්)රටම ගං වතුරෙන් නාය යෑමෙන් ද කාලගුණයෙන් දිනෙන් දින අඩුවෙනවායි කියනමුත් වැඩිවෙන වර්ෂාවෙන්ද ටී වී එකේ පෙන්වන සුලි සුලි සුදුපාට පීඩන අවපාතද මොකක්දෝ එක්කින් වෙලී ඇත.
අයියාගේ නිවස ගල් කන්දක් පාමුල උස් බිමකය. එනිසා ගං වතුරට සෘජුව යට නොවුනත් ජීවන වැඩපිලිවෙල එහෙම්ම නැවතිනි. අයියාටත් මටත් තිබුන එකම. රාජකාරිය බයික් එකෙන් වටේ ගොස් වතුර වැඩිතැන් සහ යට උනු ගෙවල් වල මිනිසුන්ගේ සුව දුක් සහ උනුන්ගේ ගෙවල්වල බඩු අදින්නට සහය වන්නටය. අප නිවස යට නොවුනද එතනම ගෙවල් දෙකක් යටින් වූ පාරද වෑවල හංදිය. බෝමිරිය,නවගමුව,කැකිරිවල, නාගහවත්ත පාර, සූදවිලද යටවීය.(මේ කියූ සමහර නම් උච්චාරණය වැරදි විය හැක)
එතන උඩයට සහ වටේම මා නෑදෑ පිරිවර විය. ලොක්කයියා සහ ජෑන්ත අයියලා ,පොඩි ශාන්ත අයියලා රටේ හැම තැනටම සහනාධාර දෙනවායි කියූවත් මෙහෙට නැති නිසා එක් විය. ගමම එක් වී ගමට සහ නවගමුව දෙසටම කල හැකි සියල්ල කරන්න එක්වීමු.
පොලීසියෙන් හම්බුන කුඩා බෝට්ටුව යට උනු අයට ආහාර දෙන්නට අප යොදාගත් අතර,කෙසෙල් බඩ සහ ප්ලාස්ටික් බූලි ගමේ පොඩි එකාලායේ සහ කොල්ලන්ගේ ඔරු පාරු උපකරණ විය. අපි ඉවුවෙමු බෙදුවෙමු.
ෆේස් බුක් එකේ බාලා අයියා දැමූ පෝස්ට් එකකට රිප්ලයි දැමුවත් ගමේ වූ වැඩ නිසා ඒ රිප්ලයි එකට දැමූ රිප්ලයි එකට රිප්ලයි කරන්න බැරි විය. ඔවුන් ඇසුවේ ආධාර ගැනය. ඇසුවාටද පින් ය.
සිකුරාදා දිනයේ වතුර මට්ටම අඩු වී තිබුන නිසාත් මහා වැඩගොඩක් හිර වී තිබූ නිසාත් මට අම්බානක ගෙදර පැනීමේ උවමනාවක් විය. එය තේරුම් ගත් ඉසංක අයියා කෙසේ හෝ අළුත් පාරට මා දමා ගෙදර ඒමට ඉඩ සැලැස්වීය. නුවරට පැමිණ පුංචිලායේ දිහා වෙසක් ගත කල මා සදුදා බදුල්ලට අවෙමි.
වතුර බැස ඇත. සමහර තැන් තාම එහෙමයි. ඒ මං ඊයේ(සදුදා) ගෙදරවිත් ගත් කල ඇසුනු දේය.
ගංවතුර දුන්නේ මරුම අත්දැකීමකි. යට උණු පිරිස්ට එය කරුම අත්දැකීමක් උනු බැව් කදුළු වලින්ම දුටිමි. මිනිසුන් එක් වී කල උපකාර වලට තුති. ෆේස් බුක් එකෙන් කරනුයේද වටිනා වැඩකි.
කෑම බීම යහමින් හම්බෙන බැව් දුටිමි. ඒ අස්සේ ගංවතුර බැලීමට ආ කෲ කැබ් ලොරි පිටිං වූ මිනිසුන් අර අසරණ මිනිසුන්ගේ බත් පතට ,කොෆී කෝප්පෙට යසේට වග කියනු ද දුටිමි. අර කුඩා බෝට්ටුවෙන් ගොස් කිලෝ මීටර ගාණක් රැයක් දවාලක් නැතිව බත් බෙදූ ලොක්කයියාට එක බත් එකක එලවළුවක් පිලිණු වූවායි කියා ගුටි කෙලි සැටිද ඇසීමි. බෝක්කු කටෙන් ගිලී ගිය කෙල්ලන් තිදෙනෙක් හේමපාල විසින් බේරාගත් අයුරු දුටිමි. වතුර අස්සේද කසිප්පු ශොට් එකක් දැමූ පොරවල් වතුරෙන් ගත් ගොං ආතල්ද දුටිමි. අප වටපිටාව යට වුනු බැවු ටී වී ඩ්‍රෝන් යාත්‍රා වීඩියෝ වලින් හොදටම දුටීමි.
එය මහත් වූ අත්දැකීමක් වන්නේ මා කන්ද උඩරට වෙල්ලස්සේ නාය යෑම් කලාපේක එකෙකු වී නිසායි ද සිතේ.
ෆොටෝ ටික නම් ඔය මුල් දවස් වල එහෙන් මෙහෙන් ගහපුවාය, පස්සේ පස්සේ ගෙදර එන සිහිය මිස ෆොටෝ ගහන සිහියක් තිබුනේ නැත

වෙලේ හංදිය |